මේ ලිපි මාලාව ලියන්න පටන් ගන්නෙ පහුගිය පෙබරවාරි මාසෙ අන්තිමට.

රතු චතුරශ්‍රය ගැන කවුද අහල නැත්තෙ.
වානේ පන්නරය ලැබූ හැටි.. අම්මා… කපිතාන්ගේ දියනියෝ… ගුරු ගීතය හරහා අපි සෝවියට් දේශය ආදරයෙන් වැලඳගත්ත. ඇලෙක්සැන්දර් පුශ්කින්.. මැක්සිම් ගෝර්කි.. ලියෝ තෝල්ස්තෝයිගෙ පොත් ලංකාවෙ පොත් පත් තරමටමට අපේ හිත් වලට ඇතුල් වුනා. ලස්සන වසීලිස්සා… ඉවාන් පවුලූශා කාටද මතක නැත්තෙ.
නමුත් අපි අහපු.. දැකපු.. කියවපු සෝවියට් දේශය ඒ විදිහමද… අපි විශ්වාස කලේ සැබෑම තත්වයද කියන ප්‍රශ්ණය අපි පස්සෙ අහමු. දැනට අපි කතා කරමු සෝවියට් දේශයෙන් බිඳුනු ප්‍රධාන රටවල් දෙක වන රුසියාවත් යුක්රේනයත් අතර ඇතිවෙලා තියන හෝ ඇති කරපු යුද්ධය ගැනත් ඒ සම්භන්ධ ඉතිහාසය ගැනත්.

රුසියානු නායකයා විසින් යුක්රේණය ආක්‍රමණය කරන්න තීරණය කිරීමත් එක්ක ඇමරිකානු විරෝධී හෝ බටහිර විරෝධී පිරිසක් සමග ලංකාවෙ පිරිසකුත් සතුටු වෙනව අපිට දකින්න පුළුවන්. ඒකට හේතු වෙන්නෙ යුක්රේණය කියන්නෙ පැරනි සෝවියට් සමූහාණ්ඩුවට අයිති ප්‍රාන්ථයක් බවට මේ අය වටහාගෙන තියෙන නිසා විය හැකියි. ඒත් එක්කම ලෝක පොලිස් කාරයාගෙ චරිතය තවදුරටත් රඟපාන ඇමරිකානුවන්ට විරුද්ධව රුසියාව තම හඬ අවධි කිරීම තවත් කාරණයක් වෙන්න පුළුවන්.
යුක්රේනය කියන්නෙ එදා සෝවියට් දේශයේ පාන් ගබඩාව… පිරිසක් එහෙම කියනව.
යුද්ධයක.. ගැටුමක… අර්බුධයක ස්වභාවය තේරුම් ගන්න අතීතයට යන්නම වෙනව. අතීත සිද්ධීන් හා ස්වභාවයන් තේරුම් ගන්නෙ නැතිව වර්ථමාන තත්වයක් විග්රහ කරන්න අපහසුයි.
යුක්රේන් රුසියානු අර්බුධය.. පලමු කොටස.

රුසියානු පුටින් සර්ට ජයවේවා කියන්නවත් ඇමරිකානු කොඩිය ලිප්ටන් වටරවුමේ පුච්චන්නවත් අපිට අවශ්‍ය නෑ. එහෙමත් නැත්තං ඇමරිකාවට පක්ශව පෙලපාලි යන්නත් ..රුසියාවට භංගවේවා කියන එකත් අපේ වැඩක් නෙවේ. වඩා වැදගත් මේ සිද්ධි මාලාව සරලව තේරුම් ගැනීමයි.
මේ ගැටුම් වාතාවරණයට හේතුවෙන කාරණා තේරුම් ගන්න වටපිටාව පොඩ්ඩක් හාරා අවුස්සන්න ඕනෙ.
වර්ග කිලෝමීටර ලක්ශ හයක පමණ භූමි ප්‍රමාණයක් සහිත යුක්රේනය මිලියන 42 කට ආසන්න ජනගහනයකට හිමිකම් කියනව. මේ අයගෙ ප්‍රධාන භාශාව යුක්රේන්. සීයට හැත්තෑවකට ආසන්න පිරිසක් යුක්රේන් භාශාව කතා කරද්දි සීයට විසිපහක් පමන රුසියානු භාශාව කතා කරනව.
යුක්රේන් ජාතිකයො කම්මැලි නැති ශක්තිවන්ත මිනිස්සු. ගොවියන්.. කම්කරුවන්.. කය වෙහෙසා වැඩ කරන්නන් වගේම.. ක්‍රීඩාව අතිනුත් මේ අය ඉහල දක්ශකම් පෙන්වනව. සෝවියට් සමූහාණ්ඩුව පැවති කාලයේදී වුනත් සෝවියට් දේශය නියෝජනය කරමින් ලෝක මට්ටමේ ජයග්රහන ලබාගත් යුක්රේන ජාතිකයන් සිය දාස් ගාණක් ඉන්නව.
ලෝක ප්‍රසිද්ධ රිටි පැනීමේ ක්‍රීඩක සර්ජි බුබ්කා… ලෝක හෙවිවේට් ශූරයන් වූ විටාලි ක්ලිට්ච්කෝ සහ ව්ලැඩිමීර් ක්ලිට්ච්කෝ.. ලෝක වාර්ථා පිහිටවූ මළල ක්‍රීඩිකාවන් වන ඔල්ගා නසරෝවා.. මාරියා පින්ගිනා වැනි අතිදක්ශ ක්‍රීඩක ක්‍රීඩිකාවන් සෝවියට් දේශය නියෝජනය කලත් මේ අය යුක්රේන ජාතිකයින්.
ඒ වගේම සෝවියට් දේශය නියෝජනය කල විශිෂ්ඨ විද්‍යාඥ්ඥයින්.. අජඨාකාශගාමීන්.. බුද්ධිමතුන්.. ලේඛකයන් විශාල පිරිසක් ඉන්නව යුක්රේනයෙන් බිහිවූ.
ඉතාම තරුණ වයසෙදි අජඨාකාශයට ගිය ප්‍රථම මිනිසා බවට යුරී ගගාරින් පත්වෙන්නෙ කොහොමද.?
උගත්කම.. සුදුසුකම්.. අත්දැකීම් ලබාගත් වෙනත් පලපුරුදු පුද්ගලයෙක් හිටියෙ නැද්ද කියන ප්‍රශ්ණය අපිට අහන්න වෙනව. අපි අහල තියන යුරී ගගාරීන් විද්යාඥ්ඥයෙක්වත් අජඨාකාශ ගාමියෙක්වත් නෙවේ. බොහොම කඩවසම්.. කතාවේ දක්ශ ගගාරීන් ගුවන් හමුදා සෙබලෙක් ගුවන් නියමුවෙක් විතරයි.
යුරී ගගාරින්


යුක්රේනයේ ජියෝර්ජි දොබරොවොල්ස්කි ( Georgy Doboravolsky) වැනි විශිෂ්ඨයන්ගේ තැන යුරී ගගාරීන්ට දුන්නේ ලෝක අවධානය ලබාගෙන තරුණ සෝවියට් වරුන් කොයිතරම් දක්ශයිද කියන අදහස දෙන්න බව ප්‍රසිද්ධ කාරණයක්.
මොනව වුනත් අදහස මේකයි.. යුක්රේන ජාතිකයන් සෝවියට් සමූහාණ්ඩුවට නැතුවම බැරි කොට්ඨාශයක් කියන එකයි.යුක්රේනය නැතිවුනා කියල සෝවියට් දේශය වැඩකට නැති රටක් කියන එක නෙවේ අරමුණ. නමුත් මොවුන් කොතරම් වැදගත් කණ්ඩායමක්ද කියන එකයි අපි දැනගත යුත්තේ.


නැගෙනහිරින් රුසියාවටත්.. උතුරින් බෙලරුසියාවටත් .. බටහිරින් පෝලන්තය.. හන්ගේරියාව… ලිතුවේනියාව.. රුමේනියාව සහ මෝල්ඩෝවා යන රටවලට සීමා වෙන යුක්රේනය රුසියාව හා බටහිර රටවල් අතර තියන බාධකය විදිහට හඳුන්වන්න පුළුවන්. මේ රට කෘශිකාර්මික අතින් සාරවත්. මීටර් කීපයක් ගැඹුරට සාරවත් කළු පස යුක්රේණය පුරාම දකින්න පුළුවන්. ස්වභාවික ගෑස්.. ගල් අඟුරු.. ලෝහ.. මැග්නීසියම් ..සල්ෆර් වගේම තවත් ඛණිජ වර්ග වලින් මේ රට බොහොම පොහොසත්.
සරලව කිව්වොත් මුළු යුරෝපයෙන් අඩකටම ඇතිවෙන්න ගෑස් සැපයීමේ හැකියාව යුක්රේනයට තියනව. අනිත් අතින් සෝවියට් දේශය බිඳවැටීමේ ඉඳල මේ රට සංචාරකයන් අතරේ බොහෝම ප්‍රසිද්ධයි. විශේෂයෙන්ම කළු මුහුදට සීමාවූ වෙරළ තීරය බලන්න ලස්සනයි.
අවුරුදු තිස් දාහකට කලින් ජනාවාස ඇතිවූ යුක්රේන් භූමි ප්‍රදේශය වඩාත් ප්‍රසිද්ධ වෙන්නෙ ක්‍රිස්තු පූර්ව 4000 දී පමන ඇතිවූ නියෝතික් කුකුටිනි ට්‍රිපිලියා සංස්කෘතිය නිසයි. ( Neothik cucuteni Tripellia)
මේ සංස්කෘතිය නිර්මාණය වෙන්නෙ ක්රිමේය එහෙමත් නැත්තං ක්රිමියානු කඳු පන්ති ආශ්‍රිතව. යුක්රේනය කියන නමින් අදහස් වෙන්නෙ අයිති කලාපය.. ස්වාධීන භූමි ප්‍රදේශය… නියමිත පෙදෙස වගේ දෙයක්. මේ වචනය අපිට ඇහෙන්නෙ දහතුන් වන සියවසේ විතර ඉඳල. අද යුක්රේණය තියෙන භූමියේ මීට අවුරුදු එක්දාස් හාරසීයකට විතර කලින් දකින්න තියෙන්නෙ කියෙවාන් රුස් කියන රාජධානිය.
ක්‍රිස්තු වර්ශ 700 , 800 වගේ කාලයේදී බෝල්ටික් මුහුද දිශාවෙන් ගංගාවන් හරහා එන උතුරු යුරෝපීය නෝර්ඩික් වැසියන් (බහුතරය ස්වීඩන් ජාතිකයන්) කැස්පියන් මුහුදට ලඟා වෙනව. මේ අයම තමයි වයිකින්ග් වරු විදිහට හඳුන්වන්නෙ. උතුරු වැසියන්ව හඳුන්වන්න මේ ප්‍රදේශයේ පාවිච්චි කරන නම පාවිච්චි කරන වචනය රුස්. (Rus/ Ruz – Men who Row )රුස් කියන්නෙ පදින හෝ හබල් ගාන මිනිසුන් වැනි අර්ථයක් දෙන පදයක්.



මෙන්න මේ රුස් වරුන් ස්ලාව් වරුන් එක්ක එකතු වෙලා තමයි පියවරෙන් පියවර කියෙවාන් රුස් ගොඩ නගන්නෙ. මුල් කාලයේ මේ පිරිස් පර්සියානු ප්‍රදේශ වලට පවා පහර දුන් බව ඉතිහාසයේ සඳහන් වෙනව.
ස්ලාව් ( Slav) කියන්නෙ මධ්‍යම හා නැගෙනහිර යුරෝපයේ ජීවත් වන ප්‍රධාන ජන කොටස. ස්ලාව් කියන පදය නිර්මාණය වෙන්නෙ ස්ලේව් ( Slave) එහෙමත් නැත්තං වහළුන් කියන අර්ථයෙන්.
ඒකට හේතුව තමයි මධ්‍යතන යුගයේ මේ ජන කොටසින් ප්‍රධාන පිරිසක් වහළුන් විදිහට යොදාගැනීම.
ඩ්නිපෝර් ගංඟාව.. වොල්ගා ගංඟාව හරහා අසොව් මුහුදටත් එතනින්… කළු මුහුද හරහා මධ්‍යධරණී මුහුද දක්වාත් නැව් මාර්ග හරහා ලඟාවෙන රුස් වරුන් නාවික ගමනා ගමනයටත්.. වෙළඳාමටත්.. සටනටත් එකසේ දක්ශ පිරිසක් බව ඉතිහාසය හදාරන අපිට තේරුම් ගන්න පුළුවන්. ක්‍රිස්තු වර්ශ 882 දී තමයි ස්වාධීන රාජ්‍යයක් විදිහට කියෙවාන් රුස් බිහිවෙන්නෙ. ( Kiyewan Ruz )(Mother of the Russian city is Kiyewan Rus)
ඉතාම සැලසුම්ගතව ගොඩ නගන කියෙවාන් රුස් වයිකින්ග් වරුන්ගේ නාවික හා වෙළඳ දැනුම.. කොසැක් වරුන්ගේ කෘශිකාර්මික දැනුම හා ශක්තිය.. පර්සියානු හා අරාබි දැනුම වෛද්‍ය, ගණිත වගේ දැනුම් රාශියක එකතුවක්. පෝලන්තය.. හංගේරියාව..බල්ගේරියාව… රුමේනියාව.. ලැට්වියා වගේ රටවල් අයිති භූමිය එදා පාලනය කලේ මේ රුස් ජාතිකයන් මුල්කරගත් කියෙවාන් ආන්ඩුවයි.
මේ හරහා අපි වටහා ගත යුතු සරලම වාක්‍ය විය යුත්තේ අද යුක්රේණය විදිහට හඳුන්වන රාජ්‍ය ගොඩ නැගෙන්නෙ ක්‍රිස්තු වර්ශ 880 දී. ඒ රාජ්‍යයේ නම තමයි කියෙවාන් රුස්.
එතකොට මොස්කව් ගැන ඉතිහාසය මොනවද කියන්නෙ.? කියෙවාන් රාජ්‍යය ස්කැන්ඩිනේවියානු රටවල් දක්වා තමන්ගෙ බලය පතුරුවද්දි මොස්කව් කියන්නෙ වලස් හම්.. පැනි.. දඩමස්.. දැව වගේ ව්‍යාපාර සඳහා ප්‍රසිද්ධ කුඩා වෙලඳ ගම්මානයක් හෝ නගරයක්. මුලින්ම අපිට මොස්කව් ගැන අහන්න ලැබෙන්නෙ ක්‍රිස්තු වර්ශ 900 දී පමණ මොස්කාවා ගංගාව අසබඩ ගොඩ නැගෙන කුඩා වෙළඳ නගරයක් විදිහට.
මෙයිරා හා මුරෝමා කියන කුඩා සංස්කෘතීන් ( වර්ථමාන පින්ලන්ත ප්‍රදේශ -Merya and Muroma people) වලට අයත් ජනතාව මේ ප්‍රදේශයේ වාසය කරල තියන බවට තොරතුරු හමුවෙනව. මේ පිරිස් ක්‍රිස්තු වර්ශ 700- 800 වගේ කාලයේදී ඔකා හා වොල්ගා ගංගාවන් හරහාත් මොස්කාවා ගංගාවත් මූලික කරගත් වෙළඳ මාර්ග වල වෙළඳාමේ නිරත වන පිරිස් කීවොත් වැරදි නැහැ.මේ කුඩා වෙළඳ නගර කියෙවාන් රුස් රාජ්‍යයේ ප්‍රාදේශීය නායකයන් යටතේ පාලනය වෙන්න පටන් ගන්නෙ කියෙවාන් රාජ්‍යයේ සීමා පුළුල් වීමත් එක්කමයි.
නමවන සියවසේ වොල්ගා වෙළඳ මාර්ගය ( Volga trade route) විදිහට ප්‍රසිද්ධ වෙන්නෙ ස්ලාව් කොසැක්වරු වගේ විවිධ පිරිස් අතර වෙළඳාමට යොදාගත් ගංගා ආශ්රිත මාර්ග විදිහට හඳුන්වන්න පුළුවන්.

කොසැක්වරු කියන්නෙ කොසැක්ස් කඳු කලාප වලින් එන ශක්තිවන්ත කඳුකර වැසියන්. ස්ලාව් වරු විදිහට හඳුන්වන්නෙ මධ්‍යම හා නැගෙනහිර යුරෝපා ප්‍රදේශ වලින් සංක්‍රමණය වන පිරිස්.ක්‍රිස්තු පූර්ව පස්වන හා නමවන සියවස් අතර මේ පිරිස් විශාල වශයෙන් විවිධ දිශාවන්ට සංක්‍රමණය වෙනව. ( Great Immigration )
එතකොට කොහොමද මොස්කව් මූලික කරගෙන රාජ්‍යයක් බිහිවෙන්නෙ.?
ඒ ගැන කතා කරන්න නම් අපිට මහා ව්ලැඩිමීර් එහෙමත් නැත්තං ශ්‍රේශ්ඨ ව්ලැඩිමීර් රජු ගැන කතා නොකර බැහැ. ක්‍රිස්තු වර්ශ 800 දී පමන නිර්මාණය වෙන කියෙවාන් රූස් රාජ්‍ය ඉතා ඉක්මනින්ම ප්‍රදේශයේ බලවත්ම රාජ්‍ය බවට පත්වෙනව. විශේෂයෙන්ම ස්කැන්ඩිනේවියානු ප්‍රදේශයේ වයිකින්ග් වරුන් හා සම්න්හන්ධ වන කියෙවාන් රුස් මෙට්‍රොපොලිටන් නගරයක් විදිහට හැඳින්වූවොත් වරදක් නෑ.
ස්වියාටෝස්ලාව් කුමාරයා කියන්නෙ කියෙවාන් රුස් රාජ්‍ය පාලනය කරන රජතුමා. – Sviatoslav I. මෙයා රජකම් කරන්නෙ ක්‍රිස්තුවර්ශ 945 -972 අතර කාලයේදී. ( ලංකාවේ නම් ලම්භකර්න වාංශික රජවරුන් වූ සේන.. උදය.. දප්පුල වගේ රජවරුන්ගේ කාලය). ස්වියටොස්ලාව් කුමාරයාගෙ කියෙව් රාජ්‍යයේ අගනුවර තමයි කියෙව්. (වර්ථමාන කියෙව් ).ප්රෙද්ස්ලාවා (Predslava) නමින් හැඳින්වෙන්නෙ මේ රජතුමාගෙ බිරිඳ හෙවත් දේවිය වෙද්දි මේ යුවලට දරුවො දෙන්නෙක් ලැබෙනව..
ඒ දරුවො දෙන්න තමයි ඔටුන්න හිමි ඩ්රෙලිනියාහි ඔලෙග් (Oleg of Drelinia ) සහ කියෙව්හි යරෝපොල්ක්. ඔලෙග් වැඩිමලා වුනත් රජකම ලබාගන්නෙ වඩා දක්ශයෙක් හා බලයට බොහොම කැමති යරෝපොල්ක්ට බව ඉතිහාසය සඳහන් කරනව. Yaropolk I of Kiev (952 – 978).
ස්වියටොස්ලාව් රජුට තවත් අනියම් බිරිඳක් ඉන්නව මලූශා මල්ක්නෝවා නමින්. Malusha Malkovna. මලූශා රජවාසලේ සේවිකාවක්. මෙන්න මේ සේවිකාවට දරුවො දෙන්නෙක් ලැබෙනව ව්ලැඩිමීර් සහ සෙෆෙන්ගුස් නමින්. මේ අතරින් ව්ලැඩිමීර් ඉතාම දක්ශ බුද්ධිමත් දරුවෙක්. කුඩා කාලෙදිම මේ දරුව ප්‍රසිද්ධ වෙනව එයාගෙ දක්ශ කමත් බුද්ධියත් නිසා. ක්‍රිස්තු වර්ශ 972 දී ස්වියටොස්ලාව් රජතුමා මිය යද්දි තමන්ගෙ සහෝදරයාව මරල රජකම ලබාගන්නෙ යාරෝපොල්ක් කුමාරයා විසින්.
මේ වෙද්දි ව්ලැඩිමීර්.. ( අනියම් බිරිඳ හෙවත් සේවිකාවට ලැබෙන දරුව) නොව්ගොරෝද් ප්‍රදේශයේ ප්‍රාදේශීය නායකයා හෝ කුමාරයා විදිහට පාලනය ගෙනියනව. නමුත් ඔහු අනියම් බිරියකට ලැබුනු දරුවෙක් නිසාත් .. වඩා දක්ශයෙකුත් නිසා යාරෝපෝල්ක් ඔහුව විශ්වාස කරන්නෙ නෑ.
යාරෝපෝල්ක් විසින් ව්ලැඩිමීර්ව මරා දමන්න අණ කරනවත් එක්කම එයා පලායනව ස්වීඩනයට. නෝර්වේ හා ස්වීඩන පාලකයන්ගේ උදව් ගන්න ව්ලැඩිමීර් කියෙවාන් රාජ්‍යයේ උතුරු ප්‍රදේශ ආක්‍රමණය කරනව. ඒ එක්කම තමන් පාලනය කරමින් හිටපු නොව්ගොරෝද් ප්‍රාන්ථයේ බලය ලබා ගන්නව. එතැනින් නවතින්නෙ නැති ව්ලැඩිමීර් කියෙවාන් රුස් රාජ්‍යය හා සටන් කරනව විතරක් නෙවේ මුළු කියෙවාන් රුස් රාජ්‍යයේම බලය ලබා ගන්නව. ක්‍රිස්තු වර්ශ 988 දී ක්‍රිස්තියානි ආගම වැලඳගන්න වැල්ඩිමීර්… සෙන්ට් එහෙමත් නැත්තං ශාන්ත වොල්ඩිමීර් විදිහට පසු කාලෙක ප්‍රසිද්ධ වෙනව.

නමුත් මෙයාගෙ පුත්‍රයා ස්වටොපොල්ක් ( Sviatopolk I of Kiev) ඒතරම් දක්ශ රජ කෙනෙක් නෙවේ. ඒත් එක්කම මෙතනදි තවත් වැදගත් දෙයක් සිද්ධ වෙනව කියෙවාන් රුස් රාජ්‍යයේ වැසියන්ගේ අදහස් තුල.
ඒ මොකද්ද…? වැල්ඩිමීර් ඉතාම දක්ශ රජ කෙනෙක්.. නායකයෙක්.. නමුත් ඔහුගේ මව රජ පවුලේ සේවිකාවක් හා ඔහු රජුගේ අනියම් දරුවා. මෙන්න මේ කාරණය නිසා ව්ලැඩිමීර්ගේ පුත්‍රයා ස්වටොපෝලොක්ට පිලිගැනීමක් ලැබෙනව අඩුයි රජෙක් විදිහට.නායකයාගේ දුර්වලතාවය මෙන්ම රට වැසියන් පාලකයා පිලිගැනීමට තියන අකමැත්ත කියන හේතු දෙකම හරහා මේ රාජ්‍ය හෙමින් සීරුවේ දුර්වල වෙනව.
මේ නිසාම මේ කාලය තුලදී විවිධ ආක්රමන.. ගැටුම් ඇතිවෙනව මේ කලාප තුල.
විවිධ මත ගැටුම් .. ආක්‍රමණ.. කුමන්ත්‍රණ සිද්ධ වෙද්දි කියෙව් මුල් කරගත් පාලනය නැගෙනහිර දෙසට විතැන්වීමක් අපිට දකින්න පුළුවන් . කියෙවාන් රුස් රාජධානිය යටතේ පාලනය වන ප්‍රාදේශීය රාජ්‍යයන් පාලනය සඳහා පත් කෙරෙන්නෙ රජ පවුලේ සාමාජිකයෙක්. සමහර අවස්ථාවන් වලදී මේ ප්‍රාදේශීය නායකයා තමන්ගෙ පලාත වඩා හොඳින් වැඩි දියුණු කරනව. (උදාහරණයක් විදිහට නොව්ගොරෝද් පලාත පාලනය කරපු ව්ලැඩිමීර් අපිට හඳුන්වන්න පුළුවන්.) ව්ලැඩිමීර් හා මොස්කව් ප්‍රදේශ වලත් මේ වගේ සාර්ථක පාලනයන් ඇතිවෙනව.
මෙන්න මේ කාලයේදියී ව්ලැඩිමීර් සුස්දාල් රාජ්‍ය බිහිවෙන්නෙ. Vladimir-Suzdal.( 1157 – 1331). සුසදාල් රාජ්‍යය බිහිවෙන්නෙ කියෙවාන් රුස් යටතේ හෝ ඊට සමගාමීව පාලනය වෙන රාජ්‍යයක් විදිහට. (පසුව සිද්ධ වෙන මොංගෝලියානු ආක්රමනත් එක්ක කියෙවාන් රුස් බොඳවෙද්දි ව්ලැඩිමිර් හෝ මොස්කව් පාලනය හෙමින් සීරුවේ ගොඩ නැගෙන බව මේ හරහා තේරුම් ගන්න පුළුවන්)
මේ ව්ලැඩිමීර් සුස්දාල් රාජ්‍යයේ අගනුවර වෙන්නෙ ව්ලැඩිමීර් කියන නගරය.

කොහෙද මේ ව්ලැඩිමීර් කියන නගරය තියෙන්නෙ..? ඒ නගරය පිහිටන්නෙ මොස්කව් නුවරට නැගෙනහිර දෙසට වෙන්න. එතකොට කියෙවාන් රුස් රාජ්‍යයේ පාලකයන් තමයි රුසියානු බිම්වලට විතැන් වෙන්නෙ කියල අපිට සරලව අදහසක් ගන්න පුළුවන්.
මේ රාජ්‍යය බිහිකිරීමේ ගෞරවය හිමිවෙන්නෙ ග්‍රෑන්ඩ් ඩියුක් ඔෆ් ව්ලැඩිමීර්ට. Grand Duke of Vladimir. කියෙව්වාන් රාජ්‍ය හෙමින් සීරුවේ බිඳවැටෙද්දි නැගෙනහිර ප්‍රදේශවල මේ පාලනය හෙමින් සීරුවේ ස්ථාන ගත වෙනව. මෙන්න මේ ආකාරයට තමයි 1263 අවුරුද්දෙදි ග්‍රෑන්ඩ් ඩචි ඔෆ් මොස්කව් බිහිවෙන්නෙ. (Grand Duchy of Moscow)
ඒ එක්කම 1199 දී රුතේනියා නමින් රාජධානියක් මේ කියෙවාන් බිම් අවට බිහිවෙනව. Polish–Lithuanian–Ruthenian Commonwealth. ස්වටොපොලොක්ට ලැබෙන බලය අඩුවීමත් එක්ක පෝලන්ත.. රුමේනියානු හා ලිතුවේනියානු රාජ්‍යයන් සමග සම්හන්ධකම් පවත්වන කියෙවාන් රුස් වරු මේ කාලයේ භහුලයි. ( කෝසක් කඳු වලින් එන කෝසක් වරු.. ස්ලාව් වරුන් හා ස්කැන්ඩිනේවියානු වයිකින්ග් වරුන්ගේ එකතුවක් විදිහට කියෙවාන් රුස් පදිංචි කරුවන් හඳුන්වන්න පුළුවන් තේරුම් ගැනීමේ පහසුවට).

මෙන්න මේ කාලයේ තවත් වැදගත්ම දෙයක් ලෝක ඉතිහාසයේ දකින්න ලැබෙනව. මොංගෝලියානුවන් තමන්ගෙ බලය පතුරුවන්න පටන්ගන්නෙ මෙන්න කාලෙදියි. ඉදිරියට හමුවන හැම රාජ්‍යයක්ම පරාද කරල යටත් කරගන්න මොංගෝලියානුවන් 1237 දී කියෙවාන් රුස් යටත් කරගන්නව. ( ඒ වෙද්දි ඒ අය රුසියානු බිම් හා මොස්කව් යටත් කරගෙන අවසන්).මොංගෝලියානුවන් විසින් විශාල බිම් ප්‍රදේශයක් යටත් කර ගත්තත් ඒ අයට මේ බිම් දීර්ඝ කාලයක් පාලනය කරන්න ලැබෙන්නෙ නෑ. මේ ආක්රමනයෙන් පස්සෙ පෝලන්තයත් යුක්රේනයත් එකතු වෙලා ලුබියන් යුනියන් රාජ්‍ය බිහිකරනව. ( Lubiyan Union ). කියෙවාන් රුස් හා රුතේනියන් රාජ්‍ය බිඳවැටීම හරහායි ලුබියන් යුනියන් රාජ්‍යය නිර්මානය වෙන්නෙ.

බොහෝම ප්‍රසිද්ධ මතයක් තියනව මොංගෝලියානුවන් විසින් කියෙවාන් රුස් ආක්‍රමණය කිරීමත් එක්ක රුස් රාජධානිය බිඳ වැටුනු බවත් ඉන් පස්සෙ මොස්කව් මූලික කරගත් රුසියාව ගොඩ නැගුනු බවටත්. මේ තේරුම් ගැනීමේ පහසුවට ඇත්ත කියල විශ්වාස කරත් ඇත්තෙන්ම සිද්ධ වෙන්නෙ ඊට වඩා ටිකක් වෙනස් සිද්ධියක් කියල අපි දැන් දන්නව.
1547 දී මුළු මොස්කව් නගරයම ගිනිබත් වෙනව. මේ ගින්නෙන් වෙන විනාශය කොතෙක්ද කියනව නම් මොස්කව් පාලනය බිඳවැටෙනව. ( The great fire of Moscow)
(ක්‍රිස්තු වර්ශ දාහ පමණ කාලයේදී බල්ගේරියාවේ බිහිවෙන ට්සාර් ක්‍රමය කියන්නෙ ඕතඩොක්ස් පූජකයන් හරහා තෝරාගන්නා.. ඔවුන්ගේ කැමැත්ත ලබාගන්නා පාලකයන් විසින් රාජ්‍ය පාලනය කිරීම. ට්සාර් වරුන් පූජකයන් හරහා දෙවියන් හා සම්භන්ධ බව මේ අයගෙ පැරනි පිලිගැනීමක්.) මේ ට්සාර් පාලන ක්‍රමය තමයි පහු කාලීනව රුසියාවට බෝවෙන්නෙ. ( ට්සාර්ඩම් ඔෆ් රශියා 1547- 1721). (Tzardom of Russia)
මේ කාලයේ සිද්ධ වෙන තවත් වැදගත් සිදුවීමක් තමයි ක්රිමියානු කාන් පාලනය විසින් මොස්කව් නගරය යටත් කරගැනීම සඳහා ආක්‍රමණ සිදු කිරීම. කලින් කියෙවාන් රුස් රාජ්‍යයට අයත්ව තිබුනු ක්රිමියාව මේ වෙද්දි පාලනය කරන්නෙ කාන් වරුන් විසින්. කාන්වරුන් කියන්නෙ ඕටමන් රාජ්‍යයට සම්භන්ධ තුර්කි පර්සියානු ජන කොට්ඨාශයක් කියල අපි තේරුම් ගැනීමේ පහසුවට සඳහන් කරමු.
දැන් අපි තේරුම් අරගන තියනව කියෙවාන් රුස් බිඳවැටීමත් එක්ක මේ රාජ්‍යය පාලනය කරපු පිරිසෙන් කොටසක් නැගෙනහිර මොස්කව් හා ව්ලැඩිමීර් නගර දෙසට ගිය බවත් භහුතරය යුනියන් ලුබියන් රාජ්‍ය බවට පත්වෙනව කියල. ඒ යුනියන් ලුබියන් රාජ්‍යයෙන් කොටසක් ඕටමන් පාලනයට නතුවෙනව ක්‍රිස්තු වර්ශ 1520- 1680 වගේ කාලය අතරතුර.

ඕටමන් වරු ගැන අපි කීප සැරයක්ම කතා කලා. ක්‍රිස්තුවර්ශ 1299 දී ආරම්භ වෙලා 1922 දී පලමු ලෝක යුද්ධයේ පරාජය වන තෙක් ඕටමන් වරු සාර්ථක පාලනයක් ගෙන ගිය බව අපි දන්නව. මෙන්න මේ අතරතුර තමයි යුක්රේන භූමියේ අර්ධ ස්වාධීන රාජ්‍යයක් බිහිවෙන්නෙ කොසෑක් හෙට්මනාත් නමින්. ( Kosak Hetmanath – 1649–1764).මේ කාලයේදි අපි මේ කතා කරන ප්‍රදේශයේ වැඩි බලතල තියෙන්නෙ ඕටමන් රාජ්‍ය සතුව වෙද්දි කොසැක් වරුන්ගේ හෙට්මනාත් රාජ්‍යය අර්ධ ස්වාධීන රාජ්‍යයක් විදිහට කටයුතු කරනව. ඕටමන් වරුන්ගේ ආක්‍රමණ වලින් ආරක්ශා වෙන්න පෝලන්තයත්.. ලුබියන් රාජ්‍යත් මොස්කව් ආණ්ඩුව එක්ක ගිවිසුමකට එනව. මේ කාලයට එනකල් රුසියාව කියන්නෙ එතරම් බලවත් රාජ්‍යයක් නෙවේ.
තවත් කාරණයක් අපි තේරුම් ගන්න ඕනෙ මේ කිවියාන් රුස් වරුන් හා එයින් බිඳිල ගිය රුස් හෙවත් රුසියානුවන් අතර දකින්න තියෙන. මේ අයගෙ ගති පැවතුම්.. සිරිත් විරිත්.. අදහස්… බොහෝ දුරට එකිනෙකාට සමානයි. විශේෂයෙන්ම මේ දෙගොල්ලම දැඩි ඕතඩොක්ස් ආගමිකයන්.
ගැටුම් මැද වුනත් මේ අය සම්භන්ධකම් පවත්වනව. වරින් වර ඕටමන් වරුන්ට විරුද්ධව.. පෝලන්ත ලිතුවේනියා වරුන්ට විරුද්ධව කිවියෙන් රුස් වරු රුසියානුවන් සමග ගිවිසුම් වලට එලඹෙනව.
1371 අවුරුද්දෙ ග්‍රෑන්ඩ් ප්‍රින්ස් ඔෆ් මොස්කව් සමග එලඹෙන ගිවිසුම “එකිනෙකාට ආරක්ශාව දීම සඳහා”.. “රාජ්‍ය දෙක එකතු වීම සඳහා” වගේ අදහස් දෙන ගිවිසුමක්. 1520 දිත් මේ වගේ ගිවිසුමක් ගැන අහන්න ලැබෙනව. 1654 අවුරුද්දෙ පෙරෙස්ලාව් අවබෝධතා ගිවිසුම අත්සන් කෙරෙනව කියෙවාන් වැසියන් හෙවත් යුක්රේන වරුන් හා රුසියානු ට්සාර් අතර. (1654 treaty of pereyaslav). මේ ගිවිසුමේ වඩාත් වැදගත් වෙන්නෙ ඕතඩොක්ස් ආගම වෙනුවෙන් එකතුවීම හා එකිනෙකාට සහයෝගය දැක්වීම.
පසුකාලීන සෝවියට් රුසියානු ස්ටාලින් පාලනය මේ ගිවිසුම විස්තර කරනව යුක්ර්රේනය රුසියාව හා එකතුවීමට එකඟතාව පල කල ගිවිසුමක් විදිහට.
ක්‍රිස්තු වර්ශ 1750 පමන වෙනකල් ලුබියන් රාජ්‍යය හෙවත් යුක්රේනය විවිධ ආක්රමන මැද වුනත් ඉදිරි ගමනක් යනව.
ක්රිමේය හෙවත් ක්රිමියාව කියන්නෙ කියෙවාන් රුස් රාජ්‍යයට අයිතිව පැවති පලාතක්.
මොන්ගෝලියානු ආක්රමණයත් එක්ක කොසැක් වරුන්ගෙන් ගිලිහෙන ක්රිමියාව විවිධ ආක්රමන වලට මුහුන දෙනව. 1440 අවුරුද්දෙ ක්රිමේය හෙවත් ක්රිමියාව ඕටමන් කාන්වරුන්ගේ පාලනයට අයිති වෙනව.
ඒ අතරෙ ක්රිමේය භූමියට එල්ලවෙන පලවෙනි රුසියානු ආක්‍රමණය ගැන අපට අහන්න ලැබෙන්නෙ 1737 අවුරුද්දෙ. ඒ රුසියානු චරපුරුශයෙක් වූ ලුපුල් නම් පුද්ගලයා ප්රමුඛ ඛාන්ඩයක් ක්රිමේය ආක්‍රමණයට උත්සාහ දැරීමේ සිද්ධියයි.
1783 අවුරුද්දේ රුසියානු අධිරාජිනිය වූ කැතරීන් ( Catherine the Great) යටතේ රුසියානුවන් ක්රිමියාව ආක්‍රමණය කරනව.
නමුත් ඕටමන් වරුන්ගේ නාවික බලය සම්පූර්ණයෙන්ම පරජයට පත්කරල ක්‍රිමියාවේ බලය ලබාගන්න සමත් වෙන්නෙ ඉංග්‍රීසි ප්‍රංශ හා ඉතාලි ( ඒ වෙද්දි සාදිනියා රාජ්‍යය) .. ඒකාබද්ධ මෙහෙයුමකින්. ඒ 1827 අවුරුද්ද. – ( Battle of Navarino).
1856 පැරිස් අවබෝධතා ගිවිසුම (Treaty of Paris -1856) අත්සන් කරනව ක්රිමියානු යුද්ධයට සහභාගි වුනු සියළුම පිරිස් අතර.
ස්වාධීන රාජ්‍යයක් බවට පත්කරන්න මේ ගිවිසුමෙන් එකඟ වෙනව. විශේෂයෙන්ම ක්‍රිමියාවේ මුල් පදිංචි කරුවන් විදිහට හැඳින්වෙන ටාටාර් වරුන්ට තමන්ගෙ බිමේ පාලනය ලබාදිය යුතු බවයි අදහස් වෙන්නෙ. කළු මුහුද අවට කලාපය කිසිදු යුධමය කටයුත්තකට යොදා ගැනීම මේ ගිවිසුමෙන් තහනම් කෙරෙනව.
මේ සිද්ධිය හෙවත් යුද්ධය රුසියානු හා යුරෝපා ඉතිහාසයේ ඉතාම වැදගත් සංධිස්තානයක්.
ඒකට හේතුවෙන කරුණු කීපයක් තියනව.
එකක් තමයි බටහිර යුරෝපා රටවල් විදිහට හැඳින්වෙන බ්‍රිතාන්‍ය.. ප්‍රංශය හා ඉතාලිය ( සාදිනියා) හමුවේ රුසියාව ලද පරාජය.
ඒ වෙද්දි නැගෙනහිර යුරෝපයෙන් කොටසක් පාලනය කරන්නෙ ඕටමන් වරුන් විසින්. ඕටමන් කියන්නෙ වර්ථමාන තුර්කි ජාතිකයින් කියල සරලව තේරුම් ගමු. ( අරාබි.. පර්සියානු.. ටාර්ට්.. බෙදුවන්.. ඊසාන යුරෝපීය වගේ ජන ඛාන්ඩ රාශියක් ඕටමන් යටතේ පාලනය වෙනව) ඉස්ලාම් ආගම මූලික කරගත් මේ අයගෙ රාජ්‍ය තුල ක්‍රිස්තියානි හා ඕතඩොක්ස් ආගම් අදහන පිරිස් ජීවත් වෙනව අපිට දකින්න පුළුවන්. මේ පිරිස වෙනුවෙන් සටන් කරනව කියපු රුසියානුවන්ට ඒ තණතුර හෝ නියෝජනය මේ ක්රිමියානු යුද්ධයත් එක්කම අහිමි වෙනව. රුසියාව උත්සාහ කරන්නෙ ඕටමන් වරුන් හා යුද්ධ කරමින් බටහිර යුරෝපීය පලාත් අත්පත් කරගන්න. මේ බව තේරුම් ගත් බ්‍රිතාන්‍ය හා ප්‍රංශය ක්‍රිමියාවේ නිදහස වෙනුවෙන් ඕටමන් වරුන් හා එක්ව රුසියාව විරුද්ධව සටන් කරනව.
කළු මුහුද අවට කිසිදු යුධමය හෝ නාවික කටයුත්තකට අවතීර්ණ නොවීම.. සෙබස්තපෝල්.. මාරියපෝල් නගර වල රුසියානු හමුදා නියෝජනයන් ඉවත් කර ගැනීම.. මධ්‍ය ධරණී මුහුදට නාවික යාත්‍රා ඇතුල් වීම තහණම් වීම වැනි කොන්දේසි රැසකට රුසියානුවන්ට මුහුන දෙන්න වෙනව.
අපි සරලව තේරුම් ගන්න උත්සාහ කරමු මොස්කව් රාජ්‍යයේ හෙවත් රුසියාවේ නිර්මාණය.
1.ප්‍රාථමික මොස්කව් හා ව්ලැඩිමීර් නගර -Early history (1147–1283)
2. ග්‍රෑන්ඩ් ඩචී කාල පරිච්ඡේදය. Grand Duchy (1283–1547).
කියෙවාන් රුස් බිඳ වැටීම… මොංගෝලියානු ආක්‍රමණ හා ඕටමන් වරුන්ගේ පැමිනීමත් සමග මොස්කව් නගරය අවට ගොඩ නැගෙන රාජ්‍යය.
3. ට්සාර්ඩම්. Tsardom (1547–1721) පලමු ට්සාර් පාලන ක්‍රමය මොස්කව් රාජ්‍යයේ ස්ථානගත වෙන්නෙ මෙන්න මේ කාලය තුලදියි.
4. රුසියානු අධිරාජ්‍ය බිහිවීම. Empire (1721–1917)- 1721 පමන කාලයේ ගොඩ නැගෙන රුසියානු රාජ්‍යයේ පලවෙනි පාලකයා වෙන්නෙ පලමුවෙනි පීතර හෙවත් පලමු පීටර්.( Peter the Great)
5. සෝවියට් දේශය ( 1917 – 1991)
අපි දන්නව 1921 ට එනකල් රුසියාව පාලනය කරන්නෙ රදළ ප්‍රභූවරුන් එහෙමත් නැත්තං ධනවත් ට්සාර් වරු කියල. මේ අය බොහොම සුඛෝපභෝගී ජීවිත ගතකරනව රටේ භහුතරය දුප්පත් කමින් මිරිකෙද්දි. මේ ධනවතුන්ගෙ ප්‍රියතම නිවාඩු නිකේතනය තමයි ක්රිමේය හෙවත් ක්රිමියාව..
ක්රිමේය අර්ධද්වීපය යුරෝපයේ තියෙන ලස්සනම වගේම සාරවත්ම භූමි ප්‍රදේශ වලින් එකක්. අලංකාර වෙරල තීරය.. කඳු හරහා ගලාගෙන එන පිරිසිඳු ජලය.. අළුත්ම එලවළු හා පලතුරු.. සුවදායක දේශගුණය වගේම බොහොම පොහොසත් ලක්ශණ ගණනාවක්ම තියෙන මේ බිම රුසියානු ධනවත් පවුල්වල කෙලිබිම කිව්වොත් නිවැරදියි. ඒ නිසා රුසියානු ධනවතුන් හීන දැක්ක ක්රිමේය රුසියාවට එහෙමත් නැත්නම් රුසියානු ධනවතුන්ට අයිති වෙන භූමි ප්‍රදේශයක් වෙනව දකින්න.
මේ සිද්ධිය හෙවත් යුද්ධය රුසියානු හා යුරෝපා ඉතිහාසයේ ඉතාම වැදගත් සංධිස්තානයක්.
ඒකට හේතුවෙන කරුණු කීපයක් තියනව.
එකක් තමයි බටහිර යුරෝපා රටවල් විදිහට හැඳින්වෙන බ්‍රිතාන්‍ය.. ප්‍රංශය හා ඉතාලිය ( සාදිනියා) හමුවේ රුසියාව ලද පරාජය.
ඒ වෙද්දි නැගෙනහිර යුරෝපයෙන් කොටසක් පාලනය කරන්නෙ ඕටමන් වරුන් විසින්. ඕටමන් කියන්නෙ වර්ථමාන තුර්කි ජාතිකයින් කියල සරලව තේරුම් ගමු. ( අරාබි.. පර්සියානු.. ටාර්ට්.. බෙදුවන්.. ඊසාන යුරෝපීය වගේ ජන ඛාන්ඩ රාශියක් ඕටමන් යටතේ පාලනය වෙනව) ඉස්ලාම් ආගම මූලික කරගත් මේ අයගෙ රාජ්‍ය තුල ක්‍රිස්තියානි හා ඕතඩොක්ස් ආගම් අදහන පිරිස් ජීවත් වෙනව අපිට දකින්න පුළුවන්. මේ පිරිස වෙනුවෙන් සටන් කරනව කියපු රුසියානුවන්ට ඒ තණතුර හෝ නියෝජනය මේ ක්රිමියානු යුද්ධයත් එක්කම අහිමි වෙනව. රුසියාව උත්සාහ කරන්නෙ ඕටමන් වරුන් හා යුද්ධ කරමින් බටහිර යුරෝපීය පලාත් අත්පත් කරගන්න. මේ බව තේරුම් ගත් බ්‍රිතාන්‍ය හා ප්‍රංශය ක්‍රිමියාවේ නිදහස වෙනුවෙන් ඕටමන් වරුන් හා එක්ව රුසියාව විරුද්ධව සටන් කරනව.
කළු මුහුද අවට කිසිදු යුධමය හෝ නාවික කටයුත්තකට අවතීර්ණ නොවීම.. සෙබස්තපෝල්.. මාරියපෝල් නගර වල රුසියානු හමුදා නියෝජනයන් ඉවත් කර ගැනීම.. මධ්‍ය ධරණී මුහුදට නාවික යාත්‍රා ඇතුල් වීම තහණම් වීම වැනි කොන්දේසි රැසකට රුසියානුවන්ට මුහුන දෙන්න වෙනව.
1665 දී ගොඩනැගෙන කොසක් හෙට්මනාත් රාජ්‍ය කොටස් කීපයකට කැඩෙනව වරින් වරට. එකක් තමයි සපෝරෝසියන් සිච් Zaporozhian Sich .. තවත් රාජ්‍යයක් තමයි Danubian Sich.. ඩැනියුබ් කොසැක් හොස්ට් තවත් රාජ්‍යයක්.. Danube Cossack Host. මේ කුඩා රාජ්‍යයන් වල භහුතරය කියෙවාන් කොසැක්වරු. වරින් වර ඕටමන් වරුන්ට.. පෝලන්ත ලිතුවේනියා රාජ්‍ය වලට .. රුසියාවට පක්ශ වෙන මේ කුඩා රාජ්‍ය තමන්ගෙ අනන්‍යතාව වෙනුවෙන් වෙහෙස වෙන බව පැහැදිලිවම දකින්න තියනව.
මෙතෙක් කල් කියෙවාන් රුස්…රුතේනියා. කොසෑක් හෙට්මනාත්.. විදිහට හඳුන්වපු රාජ්‍යයේ කුඩා කොටස් මහජන යුක්රේනය බවට පත්වෙන්නෙ 1918 අවුරුද්දෙදී.
මෙන්න මේ කාලෙ තමයි රුසියානු බොල්ශෙවික්වරු ට්සාර් පාලනයට විරුද්ධව කැරලි ගහන්නෙත් අළුත් පාලන ක්‍රමයක් ගැන කතා කරන්නෙත්.
සමාජවාදය විදිහට හඳුන්වන මේ කොමියුනිස්ට් අදහස් තියන පිරිස් රුසියාවෙ විතරක් නෙවේ, ඒ අවට රාජ්‍යවලත් තැනින් තැන එකතු වෙනව.කසකස්තානය.. උස්බෙකිස්තාන… ලිතුවේනියා.. ලැට්වියා.. වගේ විවිධ රටවල හා රාජ්‍යවලත් මේ අදහස් තියන පිරිස් එකතු වෙනව.1917 අවුරුද්දෙ රුසියානු බොල්ශ්වික් පක්ශය එහෙමත් නැත්නම් කොමියුනිස්ට් වරුන් ට්සාර් බලය පෙරලල දාල රුසියාවේ බලය ලබා ගන්නව. අපි මේ සිද්ධි මාලාව හඳුන්වන්නෙ 1917 ඔක්තෝබර් විප්ලවය විදිහට.
අපි හඳුනන සෝවියට් දේශය බිහිවෙන්නෙ 1922 දී වුනත් මීට පෙර විවිධාකාර සෝවියට් දේශයන් බිහිවෙනව මේ කලාපයේ. සෝවියට් කියන වචනයේ තේරුම කවුන්සිල් ( Council ) වගේ එකක්. මධ්‍යම ආසියානු හා නැගෙනහිර යුරෝපා රටවල් දෙකක් හෝ වැඩි ගනනක් එකතු වෙලා බිහිවෙන සෝවියට් සංගම් කීපයක්ම අපිට දකින්න පුළුවන්.
උදා. බුකාරන් ( Bukharan People’s Soviet Republic) – උස්බෙක්.. ටජික් හා තුර්ක්මෙනිස්තාන්.
ට්රාන්ස්කොකේසියන් – (Transcaucasian Socialist Federative Soviet Republic) ආර්මේනියන්.. අසර්බයිජාන්.. ජෝර්ජියන් .
ප්‍රාන්ථ ගනනාවක් එකතු වෙලා බිහිවුනු එක්සත් ජනපදය හෙවත් ඇමරිකා එක්සත් ජනපදය මේ කාලය වෙද්දි බොහොම බලවත්. මාක්ස් හා එන්ගල්ස්ගෙ න්‍යායන්ට අනුව ගොඩනැගෙන සමාජවාදී අදහස් නැගෙනහිර යුරෝපයේ බලවත් වෙන්නෙ මේ කාලයේ. මේ අදහස් වල එකතුව රුසියානු ට්සාර් පාලනයට විරුද්ධව නැගී සිටීමෙන් තමයි සෝවියට් සමූහාන්ඩුව බිහිවෙන්නෙ.
1917 නොවැම්බර් 7 වෙනිදා රුසියාව සෝවියට් රුසියා සමූහාන්ඩුව බවට පත්වෙනව.
පහත දැක්වෙන රටවල් 14 වරින් වර සෝවියට් දේශයට එකතු වුනු රටවල් විදිහට අපිට දකින්න පුළුවන්.
යුක්රේනය 1919 මාර්තු 10
අසර්බයිජානය 1920 අප්‍රියෙල් 28
බෙලරුසියාව 1920 ජූලි 31
ආර්මේනියාව. 1920 දෙසැම්බර් 02
ජෝර්ජියාව 1921 පෙබරවාරි 25
ටජිකිස්තානය 1921 දෙසැම්බර් 5
උස්බෙකිස්තානය 1924 දෙසැම්බර් 5
තුර්ක්මෙනිස්තානය 1925 මැයි 13
කසකස්තානය 1936 දෙසැම්බර් 5
කිර්ගිස්තානය 1936 දෙසැම්බර් 5
ලැට්වියා 1940 අගෝස්තු 3
ලිතුවේනියා. 1940 ජූනි 21
එස්තෝනියා 1940 ජූනි 21
මෝල්ඩෝවියා 1940 අගෝස්තු 2
මේ තමයි පලවෙනි කොටස අවසන් කරන්න සුදුසු වෙලාව.

Leave a reply to Nimal Siripala Cancel reply