Category: Uncategorized
-
ලෝකෙ ලස්සනම නැව “ඇමරිගෝ වෙස්පුචි” ද..?
Amerigo Vespucci මධ්‍යධරණී මුහුදෙ ඈත පාවෙන මේ රුවල් නැව මට පෙණුනෙ චිත්‍රපටියක කොටසක් වගේ.ඒ තරමට ලස්සනයි. කිසි හැඩයක් නැති යකඩ පෙට්ටි වගේ කන්ටේනර් නැව් හා පාවෙන ප්ලාස්ටික් හෝටල් වගේ කෲස් නැව් මැද්දෙ මේ අපූරු රුවල් නැව ලස්සන හංසයෙක් වගේ පාවෙන්නෙ.එකපාරටම හිතුනෙ මේ චිත්‍රපටියක රූගත කිරීමේ දර්ශණයක් කියල. ඒ නිසාමයි මේ ගැන තොරතුරු හොයල බලන්න හිතුනෙ.…
-
අකුරු.
අකුරු වලින් මවන ලෝකය පුදුමාකාරයි. අකුරු වලින් මවන පිටුවක් අතරෙ පිරිල තියන හීන හරි අපූරුයි. අනූ ගනන් වල මුල් කාලෙ පත්තර කොල කෑල්ලක තිබුන ස්ටෝන් හෙන්ජ් ගැන පොඩි ලිපියක්. ඒක කියවල හිතින් මවාගත්ත ස්ටෝන් හෙන්ජ් ඇත්ත නිර්මාණයට වඩා ලස්සනයි කියල තේරුනේ ඊට අවුරුදු විසි පහකකට පස්සෙ. අකුරු වලින් හීන මවනවවිතරක් නෙවේ සමහර අකුරු වලින් අපිට කියනව…
-
මේ මොනතරම් පුදුමාකාර ලෝකයක්ද.? What a Wonderful World
මේ පුංචි එකාගෙ තාත්ත මත්පැන් වලට ඇබ්බැහි වුණු කම්කරුවෙක්….බේබදු කම කම නිසාම රස්සාව අහිමි වුනු මනුස්සයෙක්.. පොඩි එකා ඉපදුනාට පස්සෙ තාත්ත තමන්ගෙ පවුල දාල යනව. අම්ම වීදි ගණිකාවක් බවට පත්වෙනව.මෙයාට ජීවත් වෙන්න සිද්ධ වෙන්නෙ කළු ජාතිකයන්ට වෙන්වුනු මුඩුක්කු නිවාස ප්‍රදේශයක. මේ කිට්ටුව ජීවත් වෙන ලිතුවේනියාවෙන් සංක්‍රමණය වුනු යුදෙව් පවුලක්. මේ පොඩි එකා කුනු බක්කියක් අවුස්සමින් ඉන්දැද්දි…
-
බෙටී රොබින්සන්.
පෝලියෝ රෝගය නිසා ඇවිදගන්නවත් බැරිව හිටපු විල්මා රුඩොල්ෆ් ලෝකයේ වේගවත්ම ක්‍රීඩිකාව වුණු හැටිත්… තමන්ගෙ දරුවා අඩු වයසින් ඉපදුනු නිසා මරණය පෙනි පෙනී සිටි ඇලිසන් ෆිලික්ස් මේ අවුරුද්දෙ ( 2022) ඔලිම්පික් පදක්කමක් දක්වා ගිය හැටිත් අපි පහුගිය දවස් වල කතා කලා. නමුත් බෙටී රොබින්සන්ගෙ කතාව ඊටත් වඩා විශේෂයි. බෙටී ඉපදෙන්නෙ 1911 දි ඇමරිකා එක්සත් ජනපදයේ ඉලිනොයිස්…
-
ආදරනීය නාදියා.
මේ තරම් වලවල් තියන පාරක මම ජීවිතේට ගිහින් තිබුනෙ නෑ.. මලකඩ කාපු ට්‍රක් එකේ කබල් රෝද.. වලකට වැටෙන හැම සැරේකම උඩ විසිවෙන්නෙ පිස්සුවෙන් වගේ. ඒ හැම සැරේකම මං අම්ම දිහා බැලුවෙ මේක මේ අවසානයද කියල අහන්න වගේ. බුර්කාවෙ දැලෙන් වැහිල තිබුනු අම්මගෙ ඇස්වල තිබුනෙ තැති ගැනීමක්ද.. විශ්වාසයක්ද කියන්න අදටත් මම දන්නෙ නෑ. හැබැයි තාත්ත ඉද්දි…
-
වැන්දඹුවන්ගේ නගරය.
මලයගිරේ මධු ගීත කලාවයි…තෙබුවන රැකුමේ ඉසිඹු වෙලාවයි…වන රේඛාවේ රණ මොණරාණෙනිතරුද නොපායන රාත්‍රියයි… මේ පදත් එක්ක සංගීතය ඇහෙද්දි අපි ඉගිලෙනව.. යමුණා ගං තීරය.. සෘන්දා වනය… පහන් එලි එක්ක අපූරු ලෝකයක් මවනව. නලලත බබලන සඳන තලාවයි..සිරුරට ගන නිල් මේඝ වලාවයි..මානස විල මැද රන තිසරානෙනි..වෘන්දා වනයේ වසන්තයි…. නන්දා මාලනී මේ සිංදුව කියන්නෙ රාධා විදිහට …ඒ සිංදුවෙන් කියන්නෙ වෘන්දා…
