
ආගම් තුල තිබෙන අන්ධ විශ්වාස හා ඇදහිය නොහැකි අභව්‍ය සිද්ධීන් වලට හිනා වෙද්දි අමූලික ශ්‍රද්ධාව ඇති අනුගාමිකයන් කෝපවෙන්නෙ ඇයි.?ආගම් තුල පමණක් දැකිය හැකි සැබෑ ලෝකයේ දකින්න නැති සිදුවීම් හා කතංදර විවේචනය කරද්දි අන්තගාමී පූජකයන් හා භික්ශූන් කෝප වෙන්නෙ ඇයි.?
මේ ප්‍රශ්ණය ඉතිහාසය පුරාම අපිට ඇහෙනවා.
සමහර පිලිගත් කෘතීන්… සිනමා නිර්මාණ හා කලා නිර්මාණ තුල සියුම්ව මේ ගැන ප්‍රශ්ණ කරන ආකාරය අපිට දකින්න පුළුවන්. ද නේම් ඔෆ් ද රෝස් ( The Name of the Rose) චිත්‍රපටිය 1986 වර්ශයේදී නිර්මාණය කෙරුනු බොහොම ලස්සන කතංදරයක්.14 වන සියවසේ ඒ කියන්නෙ යුරෝපයේ මධ්‍යතන යුගයේ උතුරු ඉතාලියේ ක්‍රිස්තියානි ආගමික ස්ථානයක් වටා ගොඩ නැගුනු මේ කතාව ද නේම් ඔෆ් ද රෝස් කියන නව කතාව ඇසුරින් නිර්මාණය කෙරුනු එකක්.
ශෝන් කොනරි ( Sean Connery) කියන නම අහපු ගමන් අපිට මතක් වෙන්නෙ ජේම්ස් බොන්ඩ්.
නමුත් ජේම්ස් බොන්ඩ්ගෙන් එහාට යන කදිම හැකියාවක් තියන ශෝන් කොනරි මේ චිත්‍රපටියේ ප්‍රධාන චරිතය රඟපාන්නෙ විලියම් ඔෆ් බස්කර්විල් නම් පූජකයා විදිහට.පූජකයන්ගේ භාවනා මධ්‍යස්ථානයක්… පුහුනු කිරීමේ පාසැලක්… පල්ලි කිහිපයක්… නවාතැන් හා ගොවිපළ එකට එකතුව නිර්මාණය වෙන ආගමික මධ්‍යස්ථාන අපි හඳුන්වන්නෙ ” අබේ” කියන නමින්.
මේ අබේ තුල සිදුවූ මිනී මැරුමක් ගැන පරීක්ශණ කරන්න විලියම් එයාගෙ ගෝලයත් එක්ක උතුරු ඉතාලියට ලඟා වෙනවා. මධ්‍යතන යුගයේ මර්ධනයට ලක්වුනු ඉලුමිනාටි ( Illuminati)සමාජය ගැන අපිට අහන්න ලැබෙනවා ඩෑන් බ්‍රවුන්ගෙ ඒන්ජල්ස් හා ඩීමන්ස් කතාංදරයේදීත්.
ද නේම් ඔෆ් ද රෝස් කතාවේ විදිහට එලුමිනාටි සාමාජිකයෙක් පල්ලියට අයිති භූමියේදී සියදිවි නසාගත් බව අහන්න ලැබෙද්දි ඒ වටා තවත් මිනී මැරුම් කීපයක්ම සිද්ධ වෙන්නෙ එකපෙලට.
අබේ තුල ජීවත් වෙන පූජකයන්ට ලිංගික සේවා සපයන රූමත් තරුණියක්.. ආහාර පාන සැපයීමේ සිද්ධීන්.. ග්‍රීක සාහිත්‍ය හා ක්‍රිස්තියානි ඉගැන්වීම් ගැන ඇතිවෙන මතවාද…. නඩු හා පරීකශණ හරහා මේ කතාංදරය ඉදිරියට ඇදෙන්නෙ ආකර්ශණ හා අවධානය පවත්වාගනිමින්.
නමුත් වඩාම වැදගත් වෙන්නෙ මේ ආගමික මධ්‍යස්තානය ඇතුලෙ තියන පුස්තකාලය.චිත්‍රපටිය අතර තුරදි අපිට දැනගන්න ලැබෙනව ප්‍රසිද්ධියකින් තොර මේ පුස්තකාලය ඇතුලෙ වසර සිය දාස් ගාණක පැරනි බොහොම වටිනා පොත් පත් ආරක්ශිතව තියන බවට.ශෝන් කොනරි ඒ කියන්නෙ විලියම් නම් පූජකවරයා සොයාගනු ලබනවා මිනී මැරීම් හා තේරුම් ගත නොහැකි සිදුවීම් මේ පුස්තකාලය හා සම්භන්ධ බවට.

පුස්තකාලයේ වසා දැමූ දාපු ප්‍රදේශයකට විලියම් ඇතුල්වෙන්න උත්සාහ දරන අවස්ථාවෙදී බොහොම ලස්සන දෙබසක් ඇති වෙනවා විලියම් සහ පුස්තකාලය බලාකියා ගන්නා අන්ධ පූජකයෙක් වූ ජෝර්ජ් බර්ගෝස් අතර.
මොනවද තමුන් ඇත්තටම හොයන්නෙ… මොකද්ද මේ කුතුහලය.. ජෝර්ජ් ප්‍රශ්ණ කරනවා.
මට ඕනෙ බොහොම පැරනි ග්‍රීක පොතක්. උඹත් උඹේ සහෝදර පූජකයනුත් කියන විදිහට ඒ කවදාවත් නොලියවුනු පොතක්.
උඹත් උඹේ අනෙකුත් පූජකයනුත් බොහොම වෛර කරන පොතක්. උඹල හිනාවට හා විනෝදයට අකමැති විදිහටම…. උඹල හිනාවට වෛර කරන ආකාරයටම ඒ පොතටත් වෛර කරන බව මම දන්නව.
ග්‍රීක පොතක්…?
ඔව් ග්‍රීක පොතක්. මම දන්න තරමින් ඇරිස්ටෝටල් ලියපු මේ ව්හිළු කවි පොතේ ( කොමඩි) ඉතුරු වෙලා තියන එකම කොපිය මම හොයන්නෙ.

ඇයි උඹල මේ පොතකට මේ හැටි බය වෙන්නෙ … ඇයි මේ පොත හංගන්නෙ..?
( ඇරිස්ටෝටල් ජීවත් වෙන්නෙ ක්‍රිස්තු පූර්ව 384- 322 කාලයේ වුනත් , වර්ථමාන දෙවියන් හා ඇදහීම් බිහිවෙන්න පෙර ඉඳලම ඇරිස්ටෝටල් ප්‍රශ්ණ කරනව ඇදහීම් ගැන. දක්ශ කවියෙක් වූ ඇරිටෝටල් කවියෙන් හා පොයෙසි මගින් අන්ධ විශ්වාසයන් හා ඇදහීම් විහිළුවට ලක් කරන බව සඳහන්)
ඒ පොතේ ඇති දෙයක් නෑ… ඒ පොතෙන් ඇරිස්ටෝටල් කරන්නෙ උඹව හිනස්සන එක විතරයි.
හිනස්සන එක…? ඉතින් හිනස්සන එකේ ඇති වැරැද්ද මොකද්ද..?
හිනැස්සීමෙන් විශ්වාසය මරා දානව. හිනැස්සීමෙන් ඇදහීම විනාශ කරල දානව.හිනාවෙන් බය නැති කරල දානව. හිනාව තියන තැන බය අතුරුදන් වෙනව.බය නැති තැන විශ්වාසය හෝ ඇදහීම නෑ.බය නැති තැන යක්ශයා නැහැ… බය නැති තැන දෙවියන් නැහැ. උඹ මගෙන් අහනව හිනස්සන එකේ වැරැද්ද මොකද්ද කියල.
“ Laughter kills fear, and without fear there is no faith… When there is no fear… there is no Devil and no more God”
“ද නේම් ඔෆ් ද රෝස්” පොතේ තරම් විස්තර චිත්‍රපටියේ නැති වුනත් ඒක බලන්න තරම් වටින නිර්මාණයක්.
විචාරශීලී මිනිසා අන්ධ විශ්වාසයන්ට හිනා වෙන්නෙ අද ඊයෙ නෙවේ. අවුරුදු දාස් ගාණක ඉඳල ඒක වෙනව.
වැඩිදුර යන්න අවශ්‍ය නෑ…. ඊයෙ පෙරේදා ලංකාවෙ සමාජය තුලින්ම අපිට බොහොම ලස්සන උදාහරණයක් දෙන්න පුළුවන්.
” මෝඩ අභිමානය පළුදු වෙන තැන යක්ශයාත් මෝඩයෙක් වෙනව. හිනාවෙන හැම වාරයක් ගානෙම යක්ශයන් කෝප වෙනව. හේතුව හිනාව ඇති තැන බය අතුරුදන් වෙන නිසා.” විවේචනය හා හිනාව අපහාසයෙන් තොර වෙන තරමට… විචාරයෙන් පොහොසත් වෙන තරමට යක්ශයා බය වෙනව.
යක්ශයා නැති සමාජයක ජීවත් වෙන එක හරි පහසුයි.

Name of the Rose හරහා දෙන පණිවිඩය ප්‍රභලයි.

Leave a comment