ආබ්‍රහමික් ආගම් ඇරඹීම II   History of Abrahamic religions

“This is my simple religion. There is no need for temples; no need for complicated philosophy. Our own brain, our own heart is our temple; the philosophy is kindness.” — Dalai Lama. පංසල් අවශ්‍ය නෑ.. නොතේරෙන සංකීර්ණ දර්ශණයක් අවශ්‍ය නෑ. මගේ හදවත.. මගේ මනස මගේ පංසලයි. කරුණාව මගේ දර්ශණයයි. මේ තමා මගේ සරල ආගම.
දලයි ලාමා.

නමුත් දලයි ලාමා කියන්නෙ ආභමික් ආගම් අදහන කෙනෙක් නෙවේ. ඔහු බුද්ධ දර්ශණය අනුව ජීවත් වෙන්න උත්සාහ දරන්නෙක් මිස ආගම් අදහන්නෙක් නෙවෙයි.

ස්වභාව ධර්මය ආගමක් වෙන්න බැරිද..?

ආපහු සැරයක් අපේ සාකච්ඡාවට යමු. නතර කරේ ජේසු නැත්නම් යේසුගෙ පෙනුම ගැන ප්‍රශ්ණයෙන්.

අද අපි දකින හෝ හිතන ජේසුස් නිල් ඇස් ඇති රන්වන් කෙස් කලඹක් ඇති සුදු ජාතික තරුණයෙක්.  හරියටම කිව්වොත් ඉතාලි ජාතික නළුවෙක් වගේ.  දැනට අවුරුදු දෙදාහකට කලින් ඊශ්‍රායල් කලාපයේ ජීවත් වූ මිනිසුන්ගේ හැඩරුව.. ආහාර හා දේශගුණය.. එදිනෙදා ජීවිතය.. හිස් කබල් හා ඇටසැකිලි වගේ බොහෝ සාධක සැලකිල්ලට අරන් විද්‍යාඥ්ඥ කණ්ඩායමක් විසින් ජේසුස්ගේ රුව ප්‍රථිනිර්මාණය කරනව. ලංකාවෙ භාශාවෙන් කියනව වගේ මේ වගේ රස්තියාදු පෙනුමක්.. කම්කරුවෙකුගේ පෙනුමක් තියන මිනිහෙකුට වඳින්න කවුද කැමති.?

පෙනුමද අදහස්ද වැදගත්….

ජේසු නැත්නම් යේසුස්ව ජෙරුසලමෙන් රෝමයට අරන් ගිහින් ඔහුගෙ සාමාන්‍ය යුදෙව් පලස්තීන පෙනුම වෙනුවට නිල් ඇස් රන්වන් කෙස්.. සුරූපී ඉතාලි මුහුන.. සුදු හම ආදේශ කරල ක්‍රිස්තියානි හෝ රෝමානු කතෝලික ආගමේ නායකයා කරවන්නෙ කවුද හෝ ඇයි කියන ප්‍රශ්ණය අපි අහන්නෙ නැත්තෙ ආගම විශ්වාස කරන අවංක පුද්ගලයන්ගේ හිත් රිදෙන නිසා විය යුතුයි.

මගේ මිත්‍රයෙක් මගෙන් අහනව ” ඇයි මේ ආගම් ගැන ලියන්නෙ..? ඔයාගෙ ලියුම් කියවන මිනිස්සුන්ගෙ විශ්වාසයන්ට අභියෝග කිරීමෙන් ඔයා තරහ කාරයො ඇතිකරගන්නව “. “මේ වගේ කුඩා ලිපියකින් කෙනෙක්ගෙ ආගම් විශ්වාසයන් ප්‍රශ්ණ කරනව නම් ඔහුට හෝ ඇයට තමන්ගෙ ආගම ගැන කිසිම විශ්වාසයක් නෑ.”

“ඒ අය ජීවත් වෙන්නෙ සැකයන් තුල.”මම උත්තර දුන්න. අනිත් අතට මේ කතා කරන්නෙ ඉතිහාසය මිස විශ්වාසය ගැන නෙවේ.

ආපහු සැරයක් කතාව පටන් ගන්න වෙන්නෙ රෝමයෙන්ම තමයි. ක්‍රිස්තියානි ආගම ගැන දන්න වැඩිදෙනෙක් ඊලඟට කරන ප්‍රකාශය තමයි 

 “ඔව් ජේසු තුමන්ගෙ ප්‍රධාන ගෝලයා සාන්ත පීතර ( saint Peter ) එහෙමත් නැත්නම් පීටර් දේව මාලිගය ඉදි කරන්න  රෝමයට ගිය නිසා  රෝමය ගැන කතා කල යුතුයි “කියල.

ඇත්ත කාරනේ නම් පීටර් කොයිම වෙලාවකවත් රෝමයට ගියෙ නැහැ. අඩුම තරමෙ බයිබලයේ කොයිම තැනකවත් සඳහන් වෙලා නෑ පීටර් රෝමයට ගිය බවක් හෝ රෝමයට යන්න උපදෙස් ලැබූ බවක් වත්.

තරුණ ජේසුස් කුරුසයේ ඇණ ගහන කාලයේ රෝමයේ පාලකයා වෙන්නෙ ඕගුස්ටුස්. Augustus ( 16 January 27 BC – 19 August AD 14)

ඉන්පස්සෙ ටිබෙරියුස්, කලිගුලා, ක්ලෝඩියස් හා නීරෝ කියන පාලකයන් විසින් රෝමය පාලනය කරනව.නීරෝ ගැන අපි හොඳින්ම දන්නෙ රෝමය ගිනි ගනිද්දි වීනා වාදනය කරපු පාලකයා විදිහට.ක්‍රිස්තු වර්ශ 68 අවුරුද්දෙ ජූලි දහ අට දහ නවය කියන දවස් දෙකේදි මහා ගින්නකින් රෝමයේ වැඩි කොටසක් විනාශ වෙනව. මේ ගැන ඉතිහාස පොත්වල පැහැදිලිව සඳහන් වෙනව. ( අපි තවම කතා කරන්නෙ ඉතිහාසය පිලිබඳ දැනුමෙන් මිස ආගමික පොත පතේ සඳහන් දේ නෙවෙයි.)

අපි දන්නව මේ කාලයේ රෝම වැසියන්  අදහන්නෙ ඒ අයගෙ පැරනි දෙවිවරු බව.  ඒ එක්කම යුදෙව්වන් හා ක්‍රිස්තියානි ආගමිකයනුත් රෝමයේ ජීවත් වෙනව. කවුද ක්‍රිස්තියානි ආගමිකයන් කියන්නෙ.?   ඒ අය තමා ජේසු ක්‍රිස්තුන්ගෙ දේශනා විශ්වාස කරන අය.  ඒ අය තමා යුදෙව් ආගමෙන් බිඳිල ඇවිත් ජේසු කියන්නෙ මෙසියා හෝ දෙවියන්ගේ පුත්‍රයා බව විශ්වාස කරන අය. යුදෙව් ජාතිකයන්ට අමතරව අරාබි.. යුරෝපා.. අප්‍රිකානු හා ආසියනුවන් පවා මේ අතර ඉන්නව.යේසුස් නම් දාර්ශණිකයාව කුරුසයේ ඇණ ගැහුවත් ඔහුගේ දේශනා හා ඉගැන්වීම්  වටා එකතුවෙන පිරිස අඩුවෙන්නෙ නැහැ.  

පසු කාලීනව සඳහන් වෙනව එයාගෙ ගෝලයන් ලෝකය වටේම ගිය බව ක්‍රිස්තියානි ඉගැන්වීම් ප්‍රචාරය කරන්න.

නීරෝ චෝදනා කරනව ක්‍රිස්තියානි ආගමික කන්ඩායම් රෝමය ගිනි තැබීමට සම්භන්ධ බවට.මෙන්න මේ කාලයේ.. ඒ කියන්නෙ ක්‍රිස්තු වර්ශ 60- 70 අතර කාලයේ ඊශ්‍රායල් යුදෙව් බිම් වල යුදෙව්වන් කැරලි ගහනව රෝමන් පාලනයට විරුද්ධව.   මේ කැරැල්ල මැඩ පවත්වන්න හමුදාවක්  යවල යුදෙව්වන් මර්ධනය කරන්නත්.. ජෙරුසලමේ යුදෙව් පංසල විනාශ කරන්නත් රෝම පාලකයින් පියවර ගන්නව. රෝම යුදෙව් පලමු යුද්ධය විදිහට මේ යුද්ධය ඉතිහාස පොත්වල සඳහන් වෙනව. ( ක්‍රිස්තු වර්ශ 66 -73).

අනුරාධපුර යුගයේ සුභරාජ හා වසභ කියන රජවරුයි මේ කාලයේ ලංකාව පාලනය කරන්නෙ. ඇයි මේ කාලය වැදගත් වෙන්නෙ.   මෙන්න මේ කාලයේදී තමයි ගොස්පල් හෙවත් බයිබලයේ අලුත් ගිවිසුම ලියවෙන්නෙ.  මොනවද මේ ලියවෙන්නෙ.?  මේ ලියවෙන්නෙ ජේසු තුමන්ගේ උපතේ ඉඳල මරණය දක්වා ජීවිතය… එයින්  පස්සෙ මරණයෙන් නැගිටල ගෝලයන්ට දර්ශනය වුනු ආකාරය වගේ විස්තර. 

කවුද මේ ගොස්පල් ලියන්නෙ…
මැතිව්…මාක්.. ලූක් සහ ජෝන්.

ඉන්පස්සෙ  දෙවියන් ගැන.. ලෝකය විනිශ්චය කිරීමට පැමිනීම.. සමාව දීම වගේ බොහෝ දේ මේ ලියවිලි වල විස්තර කරනව. ගොස්පල් පොත් හතරේ එකතුව.. වරින් වර   ශාන්තුවරයන් හා පනිවිඩකරුවන් විසින් ලියන ලද ලිපි වල එකතුව තමයි බයිබලයේ අලුත් ගිවිසුම විදිහට හැඳින්වෙන්නෙ සරලව කීවොත්.)

 Bible = gospel ( 4 gospels, Marc, Mathew, Luke, John) + Acts + Revelations

 කෙනෙක්ට අහන්න පුළුවන් ඇයි ජේසුස්ව කුරුසයේ ඇන ගහල මරල අවුරුදු හැත්තෑවක් යනතුරු හිටියෙ ඒ ගැන ලියන්න ? ඒ ප්‍රශ්ණෙට පැහැදිලි පිළිතුරක් දෙන්න අමාරුයි. මේ ගොස්පල් ලියවෙන කාල සීමාවන් වෙන් වෙන් වශයෙන් හඳුනා ගන්න එක පහසු නෑ.

කවුද මේ ගොස්පල් ලියන්නෙ. 

මැතිව් .. මාක්… ලූක් හා ජෝන් කියන පුද්ගලයන් හතර දෙනෙක් විසින් තමයි සැරින් සැරේට මේ ගොස්පල් ලියන්නෙ.   ( එතකොට පැරනි ගිවිසුම කියන්නෙ මොකද්ද..? පරණ ගිවිසුම කියන්නෙ යුදෙව්වන්ගේ ලියවිලි වන ටෝරාහ්.  ) මේ ගොස්පල් ලියන අය අතරින් මැතිව් හා ජෝන් කියන්නෙ යේසුස්ගෙ ගෝලයො දොලොස් දෙනාගෙන් දෙන්නෙක් .  ඒ කාලයේ සිදුවූ දේ මේ දෙන්න ලියන්නෙ මතකයෙන් …අවුරුදු හැටකට හෝ හැත්තෑවකට පස්සෙ. ලූක් හා මාක් යේසුස්ව පෞද්ගලිකව දන්නෙ නෑ. මේ දෙන්න ලියන්නෙ අනිත් අයගෙන් අහල දැනගත් කරුණු. මේ අයට චෝදනා කරනව නෙවේ.. නමුත් මේ අය බොහෝ වැරදීම් කරනව. මේ වැරදීම් නිසා ජේසුස් ඉපදිලා තියන වර්ශය ඉතිහාස ලේඛන වලට අනුව  ක්‍රිස්තු වර්ශ හතර විදිහටයි සඳහන් වෙන්නෙ. මේ ලේඛන වල වැදගත්ම තොරතුරු විය යුත්තේ යේසුස්ගෙ දේශණා හා ඉගැන්වීම්.මොනවද මේ ඉගැන්වීම්.?

අසල් වැසියාට ප්‍රේම කරන්න..  හැම විටම සමාව දෙන්න..  අන් අයගෙන් තමන් බලාපොරොත්තු වෙන සැලකීම අන් අයටද දෙන්න..  ධනයට කෑදර නොවන්න..  අධ්‍යාත්මික සුවය ලඟා කර ගැනීමට නම් ඔබ නිහතමානී වන්න…  අන් අයට උදව් කරන්න..  තමන්ගේ ආත්මය අහිමි කරගෙන ලෝකයම හිමි කරගත්තද එය නිශ්ඵල වේ…  ආගමෙන් පමනක් ඔබව ශුද්ධවූ පුද්ගලයෙකු කල නොහැක… ආදී වශයෙන්. 

නමුත් මේ ඉගැන්වීම් පසෙක තියෙද්දි වැඩි දෙනා අවධානය යොමු කරන්නෙ යේසුස්ගෙ මව කන්‍යාවක්ද..?  ස්වර්ගය කොයි තරම් ලස්සනද..? ඕනෙම පවක් කරල සමාව ගෙන ඒ පව් කමා කරවන්න පුළුවන්ද..? නත්තල එද්දි ගහකොල.. සත්තු සතුටු වෙනවද.? යේසුස් ස්වර්ගයට උත්තාන වෙද්දි දේවදූතයො ගී ගැයුවද..? මරනින් පස්සෙ ස්වර්ගයට යන්නෙ කොහොමද..? මේව වැරදි නෑ…  නමුත් මෙයින් වැඩි ප්‍රමානයක් මේ වෙද්දිත් යුදෙව් හෝ පර්සියානු ආගම් වල දකින්න තිබුනු කරුණු.

අපි බොහෝම පහසුවෙන් අමතක කරනව ජේසුස්ට සහෝදර සහෝදරියන් සිටි බව.  ඒකට හේතුව මරියා ( ජේසුස්ගේ මව) කන්‍යාවක්ව සිටි බව විශ්වාස කිරීමටත්.. ජෝසප්ට ( පියා) වෙනත් භාර්‍යාවන් සිටි බව විශ්වාස කිරීමට ඇති අකමැත්තත් වෙන්න පුළුවන්. ජේම්ස්..  ජෝසස් .. ජුදාස් සහ සයිමන් කියන්නෙ ජේසුස්ගෙ සහෝදරයන්James, Joses, Judas (conventionally known in English as Jude) and Simon as the brothers of Jesus, and Matthew 13:55)

ඇයි ඩාවින්සි කෝඩ් පොත ලීවම ආගම් වාදීන් කැලඹුනේ.  ? ( Davinci Code)

හේතුව ජේසු හා මරියා මද්ලේනා සැමියා හෝ බිරිඳ බව..එහෙමත් නැත්තං පෙම්වතුන් ලෙස පිලිගන්න දැඩි මතධාරීන් අකමැති වීම. යේසුස් කියන්නෙ බොහෝම වටිනා ඉගැන්වීම් කරපු සුන්දර මනුස්සයෙක් කියල පිලිගන්නව වෙනුවට ,ස්පර්ශ කල නොහැකි සුන්දර..දිව්‍යමය  වස්තුවක් ලෙස මිනිස්සු දකින්නෙ ඇයි..?

මගෙ මිත්‍රයෙක් මේකට හරි අපූරු උදාහරනයක් දෙනව..

“සිදුහත් කුමාරයාට අන්තහ්පුරයක් තිබුන කියද්දි ඇයි උපාසක්ම්මලාට තරහ යන්නෙ.?” හේතුව අපි වැඩිදෙනා පුද්ගලයන් හා චරිත එක්ක බැඳෙනව මිසක් ඒ අය කියපු දේ ගැන ..උගන්නපු දේ ගැන අවධානය යොමු කරන්නෙ නැති වීමයි. පසුව බිහිවෙන ප්‍රොතෙස්තන්ත ආගම කියන්නෙ ජෝසප්, මරියා හෝ අන් අය වන්දනා කිරීම නෙවේ වැදගත් ජේසු දේශනා කල දේ හා ඒ හරහා දෙවියන් වෙතට ලඟා වෙන්නෙ කොහොමද කියන එකයි වැදගත්.

ආපහු සැරයක් රෝමයට යමු.  බොහෝ දෙනෙක් හිතන් ඉන්නෙ ජේසුස්ව කුරුසයේ ඇනගැසීම හා මරණයෙන් නැගිටීමත් එක්ක මුළු රෝමයම ක්‍රිස්තියානි ආගම වැලඳගත්ත කියල.  කොහොමත් නෑ.   ජේසුගෙ මරණයෙන් හෝ උත්තානයෙන් අවුරුදු තුන්සීයක් විතර යනතෙක් රෝම වරු කලේ ක්‍රිස්තියානි භක්තිකයන්ව මර්ධනය කරන එක. රෝමයේ ඉදිවන මුල්ම ක්‍රිස්තියානි පල්ලිය බිහිවෙන්නෙ ක්‍රිස්තු වර්ශ 400 දී.

රෝමයේ ඉදිවූ මුල්ම පල්ලිය.

(Santa Pudenziana .- Basilica of Saint Pudentiana.)

කොයිතරම් මර්ධනය කලත් ක්‍රිස්තියානි උගැන්වීම් වටා එකතුවෙන පිරිස වැඩිවෙනව. ක්‍රිස්තු වර්ශ 313 දී තමයි නිල වශයෙන් රෝමයේ ක්‍රිස්තියානි ආගම පිලිගන්නෙ.  කොන්ස්තන්තීන් අධිරාජයා විසින් මිලාන් ආඥාව ප්‍රසිද්ධ කිරීමෙන් (Emperor Constantine – Edict of Milan ) මේ ආගමට තිබුනු මර්ධනය ඉවත් වෙනව හෝ අඩුවෙනව. ( සිරිමෙවන් රජු අනුරාධපුර යුගය.). දැන් මොකද වෙන්නෙ … රෝමය කියනව ක්‍රිස්තියානි ආගමේ මූලස්ථානය වෙන්න ඕනෙ රෝමය. රෝමයේ තමයි දෙවියන් වෙනුවෙන් ඉදිවෙන මුල්ම පල්ලිය ඉදිවෙන්නෙ කියල. ඒ අය කියන්නෙ සාන්ත පීතර තුමා රෝමයට ආපු බවත් ඔහු විසින් පලමු පල්ලිය ඉදිකල බවත්. දැනට රෝමයේ තියන ශාන්ත පීතර බසිලිකාව ඉදිවෙන්නෙ  1506 අප්‍රියෙල් 18 වෙනිදා. 

මීට පෙර තුන්වන හා හතරවන සියවසේ  ඉදිකල  පල්ලියක් මේ ස්ථානයේ තිබුනු බවටත් යම් ප්‍රමාණයක සාක්ශි තියනව. යුදෙව්වන්ගේ වගේම ජේසුස්ගේත් නගරය ජෙරුසෙලම්.  දෙවියන් උදෙසා පල්ලිය හෝ පන්සල ජෙරුසෙලමේ ඉදිවිය යුතුව තියෙද්දී රෝමය මොන හේතුවක් නිසා ක්‍රිස්තියානි අගනගරය විදිහට තෝර ගත්තද කියන ප්‍රශ්ණය අපිට අහන්න වෙනව.

මේක මුල ඉඳලම රෝමන් වරු අනුගමනය කරපු ක්‍රමයක් බව අපිට මතකයි.

ක්‍රිස්තියානි ආගම.. ඔවුන්ගේ දෙවියන් හා පල්ලිය රෝමයට කැඳවාගෙන ඒම මත දේශපාලන වශයෙන්ද ශක්තිමත් වීම අනිවාර්‍යයෙන්ම සිද්ධ වෙනව. පීටර් රෝමයට ගිය බවට සාක්ශි නැතිවුනත්  සාන්ත පාවුළු හෙවත් පෝල් රෝමයට ගිය බවට සටහන් හොයාගන්න පුළුවන්.

 Paul in Rome (Acts 28:1-31)Paul in Rome (Acts 28:1-31)ක්‍රිස්තු වර්ශ 58 දී ග්‍රීසිය හා තුර්කිය හරහා පෝල් රෝමයට ලඟා වූ බවට ඇති තරම් ලිඛිත සාක්ශි  තියනව.  පසු කාලීනව රෝමය නිවේදනය කරන්නෙ සියළුම ගොස්පල් රෝමය සතුව ඇති බවත් ‍රෝමය විසින් මේ පණිවිඩ ලෝකය පුරා බෙදාහරින බවත්. එතකොට රෝමයේ පූජකයන් මූලික කරගෙන පාලනය වෙන ක්‍රිස්තියානි ආගම තමයි රෝමානු කතෝලික කියල හැඳින්වෙන්නෙ. ඒක හරියට බුද්ධගයාව චීනයේ බෙයිජින් නුවරට අරන් ගිහින් ලෝක බෞද්ධ මධ්‍යස්ථානය බෙයිජින් කියල ප්‍රසිද්ධ කරනව වගේ කතාවක්. කොහොම වුනත්..  ඊශ්‍රායලයේ ක්‍රිස්තියානි වරුන් අකමැති වුනත් නැතත්.. අපි අකමැති වුනත් රෝමය විසින් ක්‍රිස්තියානි ආගම අත්පත් කරගන්නව රෝමානු සම්ප්‍රදායන් එක්ක.

අපි දන්නව රෝමානු සම්ප්‍රදායන් කියන්නෙ යුරෝපීය ගති සිරිත්.. පුරුදු හා ජීවන ක්‍රමයට සමාන ජීවන ක්‍රමයක් කියල.අපිට අනුමාන කරන්න පුළුවන් රෝම පාලකයන් හා පූජකයන් විසින් ගොස්පල් ලිවීම් වල යම් වෙනස්කම් සිදුකරා කියල. අරාබි හා යුදෙව් ප්‍රදේශ වල තිබුනු සම්ප්‍රදායන් රෝමන් වරුන්ට අදාල නෑ. ඒ අය නිතරම වයින් බොනව.. ඌරු මස් වලට කැමතියි, ඇඳුම් පැලඳුම් වුනත් සැහැල්ලුයි. එතකොට මැදපෙරදිග යුදෙව්..අරාබි හෝ ක්‍රිස්තියානි කොටස් එක්ක රෝම ක්‍රිස්තියානි ප්‍රජාවගේ වෙනස්කම් මතුවෙනව.

( අරාබි වරුන් ක්‍රිස්තියානි හෝ ඉස්ලාම් විය හැකියි..  අරාබි ජාතිකයන්ට යුදෙව් හෝ හින්දු ආගම වැලඳ ගැනීමේ හැකියාවත් තියනව) (ශාන්තුවරයන් කියන්නෙ කවුද.. ඒ අය නිර්මාණය කරන්නෙ කවුද.? ඒකත් නිර්මානය කරන්නෙ රෝම පාලනය විසින් අටවන නවවන වගේ සියවස් වලදි. ආදර්ශමත් හා ධාර්මික ජීවිතයක් ගත කරපු කෙනෙක්ව එයාගෙ මරණයෙන් පස්සෙ ශාන්තුවරයෙක් බවට නම් කරන්නෙ රෝම පාලනය මගින්. 1870 දී වතිකානුව නිවේදනය කරනව සාන්ත පීතරට බලය දුන්නෙ ජේසු තුමා බවත් , පීතර නැත්නම් පීටර්ගෙන් පැවත එන පාප් වහන්සේ රෝමයේ සිට කතෝලික ආගමට නායකත්වය දෙන බවත් .) ක්‍රිස්තු වර්ශ හාරසීයේදී පමන තමයි  මේ රෝම ක්‍රිස්තියානි වරුන් කුරුසය පාවිච්චි කරන්නෙ ක්‍රිස්තියානි හෝ කතෝලික ආගමේ සලකුණ විදිහට.

දැන් අපි ඇවිල්ල ඉන්නෙ ක්‍රිස්තු වර්ශ පන්සීයට.  දැන් ක්‍රිස්තියානි ආගමේ අයිතිකාරයා තමයි රෝමය. අරාබි ජාතීන් බොහොම කලකිරීමෙන් මේ දිහා බලාගෙන ඉන්නව.  මුලින්ම මේ අරාබි කලාපයේ ජීවත් වූ  ආබ්‍රහම් දෙවියන්ගේ තෝරාගත් මිනිසා බවට පත් වෙනව. ඉන්පස්සෙ එයා යුදෙව්වෙක් බවට පත්වෙලා කාන්නන් දේශයට යන්නෙ අරාබි ජාතිකයන්ව තනි කරල.

 වාසනාවකට වගේ ජේසු තුමන් බිහිවෙලා කියනව තෝරාගත් ජාතිකයක් නෑ සියළුම ජාතීන් එක සමානයි කියල.දැන් රෝමන් කාරයො ජේසුස්ව හා ක්‍රිස්තියානි ඉගැන්වීම් රෝමයට අරගෙන ගිහින් කියනව අපි තමා ආගමේ අයිති කාරයො… අපි තමයි ආගම මෙහෙය වන්නෙ.රෝමන් සිරිත් විරිත් හා අරාබි සිරිත් විරිත් එකිනෙකට වෙනස්.

ආයෙත් සැරයක් අරාබි ජාතිකයො අතරමං වෙනව. මක්කම ඉදිකරපු ආබ්‍රහම්ගෙ පංසල වන්දනා කිරීම මේ වෙද්දිත් නොකඩවා සිද්ධ වෙනව. කාබා පංසල ඇතුලෙ තියන දේව රූප වලට ජේසු තුමන් හා මරිය තුමියගේ ප්‍රථිමාත් මේ අය එකතු කරනව. නමුත් මේ අරාබි සමාජය අතර මොකක් හෝ අඩුවක් තියනව.

ඔවුන් නොසලකා හැරි හෝ අත් හැරල දාපු පිරිසක් වගේ හැඟීමක්ද මේ..?

ඊ ලඟ ඡේදයට යන්න කලින් මේ ප්‍රශ්ණයටත් පුළුවන් විදිහට උත්තර දෙමු.දෙවියන්ගේ පණිවිඩ මිනිස්සුන්ට ලැබෙන්නෙ කොහොමද.පණිවිඩ කරුවන්ට හා ශාස්තෲ වරුන්ට දෙවියන් කතා කරනව. සමහර විට හීන තුලදි.. තවත් විටක ආලෝකය තුලදි දෙවියන්ගෙ හඬ මේ අයට ඇහෙනව. ඉන්පස්සෙ ඒ අය තමයි තමන්ට ඇහුනු දේ තමන්ගෙ භාශාවෙන් සටහන් කරන්නෙ. රාමනුජාන් නම් ගණිතඥ්ඥයාට කාලි හීනෙන් පෙනිල ගණිත ගැටළු වලට විසඳුම් දෙන්නෙත්.. ඡන්න ජයසුමනට කෝවිඩ් වලින් බේරෙන විදිහ ගැන නාථ දෙවියො හීනෙන් උපදෙස් දුන්නෙත්… ධම්මිකට පැනිය හදන ආකාරය ගැන කාලි කියල දුන්නෙත් මේ ආකාරයටම කියල අපිට අනුමාන කරන්න පුළුවන්.

නමුත් ඇත්ත හා බොරුව අතර වෙනස තේරුම් ගන්න වැඩි දෙනෙක්ට බැරි කමක් නෑ.

Age of Ignorance

පැරනි අරාබි සමාජයේ සමාජයීය ආකල්ප.. සිරිත් විරිත් හා  ලිංගිකත්වය ගැන විවෘතවත් සංයමයෙනුත් කතා කරන්න අපි උත්සාහ කරමු.. අද මුස්ලිම් ආගමට විරුද්ධව තියන චෝදනා ඇත්ත වශයෙන්ම  ඉස්ලාම් ආගම නිසා නිර්මාණය වූවන්ද..  නැතිනම් පරන සංස්කෘතික නීති රීතිද..? මෙන්න මේ නිසයි පොඩ්ඩක් හාරා අවුස්සන්න වෙන්නෙ ඉස්ලාම් ආගමට පෙර අරාබි කලාපයේ තිබූ සමාජ සම්ප්‍රදායන්.

අපි දැන් දන්නව යුදෙව්වන් හා ක්‍රිස්තියානීන් දෙපිරිසම අදහන්නෙ එකම දෙවියන් බව.  යුදෙව් දේශයේ හෙවත් ඊශ්‍රායලයේ උපත ලැබූ ජේසු නම් දාර්ශනිකයා දෙවියන්ගේ පුත්‍රයා බව පිලිගත් කොටස විසින්  ක්‍රිස්තියානි ආගම බිහි කරනව.  ඒ කාරණය පිලි නොගත් , ඒ එක්කම මෙසියා නම් ගැලවුම් කරු එනතුරු බලාසිටින කොටස යුදෙව්වන් විදිහට ඉතුරු වෙනව.

ක්‍රිස්තියානි ආගම රෝමයට අරගෙන ගිහින් යුරෝපා හා රෝමානු ගති පැවතුම් එකතු කරල රෝමානු කතෝලික ආගම බිහි කරද්දි නැවත වරක් මැද පෙරදිග අරාබි ජාතීන් අතරමං වෙන තත්වයකට පත්වෙන බවයි අපි පහුගිය ලිපි වලින් කතා කලේ.

මගේ මිත්‍රයෙක් අහනව බීසී  (BC – Before Christ)  ( ක්‍රිස්තු පූර්ව)  හා බීසීර්‍ර්  ( BCE – Before Common Era ) කියන්නෙ එකම දෙයද.? . ඒ කියන්නෙ ක්‍රිස්තුන් වහන්සේගේ උපත සිදුවෙන්නෙ 0 දී ද.? බීසී කියන්නෙ ක්‍රිස්තු පූර්ව කියන එක නිවැරදියි. නමුත් ගොස්පල් ලිවීමේදී සිදුවූ අත්වැරදීම් නිසා ක්‍රිස්තුන් වහන්සේ ඉපදෙන්නෙ 0 දී නෙවෙයි. ඒත් එක්කම අනෙකුත් ආගම් වලට සිදුවන අසාධාරාණය නිසයි බීසීඊ හෙවත්  “පොදු යුගයට පෙර” කියන නම හඳුන්වාදෙන්නෙ.

“ Age of Ignorance in Arab region .”

: ‏جَاهِلِيَّة , ජහිලියාහ් විදිහට අරාබි භාශාවෙන් හඳුන්වන්නෙ මේ යුගය විය යුතුයි.

ක්‍රිස්තු වර්ශ තුන්සීය ..හාරසීය පමන වෙද්දි අරාබි කලාප වල විවිධ ආගම් අදහනව පරන පුරුදු විදිහටම. හින්දු  ආගමේ බලපෑම මේ කලාප වලට ලැබෙන්නෙ හින්දු අරාබි වෙළෙන්දන් මගින්.   ඒ එක්කම ඊශ්‍රායලයෙන් පලා එන යුදෙව්වන් නිසා යුදෙව් නගර හා කලාප බිහිවෙද්දි තවත් බොහෝ දෙනා ක්‍රිස්තියානි ආගම වැලඳ ගන්නව. ඒ අතරෙ විවිධ දේවතාවියන්.. දෙවියන් අදහන එඬේර කොටස් වලිනුත් මේ කලාපය පිරෙනව.  බෙදුවන් හෙවත් බෙඩ්වින්ස් ( Bedouins)  විදිහටයි මේ ගොවි හා එඬේර කොටස් හැඳින්වෙන්නෙ. බෙදුවන් කණ්ඩායම් වල විවිධ ප්‍රාන්ථ නායකයින් ඉන්නව.

මේ අය තැනින් තැන විසිරිලා ඒ අයට ගැලපෙන නීති රීති සම්පාදනය කර ගෙන ගෝත්‍ර හෝ රංචු වශයෙන් විසිරිලා ඉන්නව දකින්න පුළුවන්. එක් පිරිමියෙකුට භාර්‍යාවන් කීපදෙනෙකු තබා ගැනීම මේ කලාප වල  සාමාන්‍ය සම්ප්‍රදායක් විදිහට සැලකෙන්නෙ සතුන් බලාගැනීම.. ගොවිතැන හා පවුලේ නඩත්තුව පිරිමියා වෙත පැවරෙන වගකීමක් නිසයි. වර්ථමානයේ අපි වැඩිහිටියන් විදිහට සලකන්නෙ අවුරුදු 18 ට වැඩි කාන්තාවන් හා පිරිමින්.  නමුත් අපි මේ කතා කරන කාලයේ වැඩිවියට පත්වෙන එහෙමත් නැත්නම් සාමාන්‍ය ඔසප් චක්‍රය අරඹන ඕනෑම දැරියක් කාන්තාවක් විදිහට පිලිගන්නව. ඒ කියන්නෙ අවුරුදු අටේදී හෝ දහයෙදි වැඩිවියට පත්වන දැරියකට විවාහ වීමේ කිසිම බාධාවක් නෑ.  දැරියක් නඩත්තු කිරීම.. ආරක්ශාව සැලසීම විශාල වගකීමක්. මේ  හේතුව මත විවාහයකට සැරසෙන පිරිමියා විසින් කාන්තාවගේ දෙමව්පියන්ට මුදල්.. ආභරන.. එළුවන් ..ඔටුවන්  හෝ එළදෙනුන් ලබා දෙන්න ඕනෙ තෑගි විදිහට. මේ චාරිත්‍රය අදත් බොහෝ මුස්ලිම් ජාතිකයන් විසින් පිලි පදිනව.

( හින්දු සංස්කෘතියේ තියෙන්නෙ දැරියගේ දෙමව්පියන් විසින් විවාහ වන පිරිමියාට හෝ ඔහුගේ පවුලේ අයට තෑගි බෝග හෙවත් දෑවැද්ද ලබා දීමේ පුරුද්දයි). දැරියන් නඩත්තු කිරීමට ඇති අපහසුතාව නිසා ඉන්දීය සංස්කෘතියේ වගේම මේ පැරණි අරාබි සංස්කෘතියේත් කුඩා දැරියන් මරා දැමීම ගැන සඳහන් වෙනව. තවත් ලක්ශනයක් තමයි වැඩිවියට පත්නොවූ දැරියක් වුනත් විවාහ කර දීමේ සම්ප්‍රදාය. ඒක සිද්ධ වෙන්නෙ පවුලේ නඩත්තුව අපහසු වෙන අවස්ථාවේදී දැරියන් විවාහකර දීමට සිදුවීම විය හැකියි. 

විවාහ වුනත්, වැඩිවියට පත්වන තෙක් දරුවෙකු ලෙස සාමාන්‍ය ජීවිතයක් ගත කිරීමට ඉඩ ඇති බවයි පැරනි ලේඛන වල සඳහන් වෙන්නෙ. බාල වයස්කාර විවාහ පැරනි යුරෝපා සමාජයේත් දකින්න තිබුන.

විශේෂයෙන්ම රජ පෙලපත් පවත්වා ගැනීම.. රාජ්‍යයන් බෙදීම වැලැක්වීම.. යුද්ධ මග හැරීම වගේ දේශපාලනමය කරුණු මුල් කරගෙන බාල වයස්කාර විවාහ සිද්ධ වුනා.පහු කාලීනව බාල වයස්කාර විවාහ විදිහට සමහර මුස්ලිම් සංස්කෘතීන් තුල දකින්න පුළුවන් වෙන්නෙ මෙන්න මේ දැරියන් විවාහ කර ගැනීමේ සංස්කෘතියයි.  ඒත් එක්කම බාල වයස්කාර දැරියන් හා විවාහ වීමේ අරමුනින් මුස්ලිම් ගෝත්‍ර කන්ඩායම් තුලට/ ඉස්ලාම් ආගමට ඇතුලත් වූ වෙනත් ජාතීන් හා ආගම් වලට අයත් පිරිමින් දකින්න ලැබෙනව. ( ඒකෙන් අදහස් වෙන්නෙ  ඉස්ලාම් ආගම ලෙස පහු කාලීනව දකුණු ආසියානු සමාජය වැලඳගන්නා පුරුදු හා චාරිත්‍ර ,ආගමිකද.. සංස්කෘතිකද කියන ගැටළුවයි). කන්‍යාවක් විදිහට දැරියක් කොයිතරම් වැදගත්ද කියන කාරණය ඉතා ඉහලින් මේ සමාජ පිලිගන්නව.  ( හින්දු සංස්කෘතියේ බලපෑමත් මීට හේතු වුනා කියල හිතන්න පුළුවන්)

පැරනි බෞද්ධ කතාවක සඳහන් වෙනව බමුණෙකු කුඩා දැරියක් සරන පාවාගෙන වැඩිවියට පත්වෙන තෙක් රැක බලාගත් බවත්,  දාදු ක්‍රීඩාවකින් ජයග්‍රහනය කිරීමේ උවමනාවෙන් මේ දැරියව කාමරයක හිරකොට තමන්ගේ පරිහරණයට පමණක් තබා ගත් බවත්.

සියළුම ගංඟා ඇදට ගලන්නේ… සියළුම මහ වන දැවෙන් තැනෙන්නේ කියන කවිය අහන්න ලැබෙන්නෙ මෙන්න මේ කතාව තුලයි. ආපහු සැරයක් කතා කරමු මේ අරාබි සංස්කෘතිය ගැන. භාර්‍යාවන් කීප දෙනෙක් ඉන්න සැමියෙක් මිය ගියොත්  පවුලේ වගකීම වගේම බිරියන්ගේ අයිතියත් ( තමන්ගේ මවගෙ හැර)  ලැබෙන්නෙ පවුලෙ වැඩිමල් පිරිමි දරුවාට.

ඒ එක්ක්ම මේ සංස්කෘතීන් තුල රෝම සංස්කෘතියේ වගේම වහළුන් දකින්න පුළුවන්. විවාහයට පෙර ලිංගික සබඳතා පැවැත්වීම ඒ තරම් පිලිගත් දෙයක් නෙවෙයි.  ඒ නිසා තමයි වැඩිහිටි පිරිමින් හා තරුණයන් අතර සමලිංගික සම්භන්ධතා සාමාන්‍ය දෙයක් විදිහට මේ සමාජ පිලිගන්නෙ. ( වර්ථමානයේ වුනත් ඊජිප්තුව.. ටියුනීසියාව.. මොරොක්කෝව.. ඇල්ජීරියාව හෝ තුර්කියේ මේ පුරුදු සාමාන්‍යයි ප්‍රසිද්ධියේ පිලි නොගත්තත්.). තුර්කි සමාජය තුල තියන ප්‍රස්ථාව පිරුලක් තියනව මේ සම්භන්ධයෙන් තරුණයන් ශීත කාලයටත් තරුණියන් ගිම්හානයටත් සුදුසුයි විදිහට.

නමුත් කාන්තාවන්ට තහණම් විවාහයට පෙර කුමන හෝ ලිංගික සම්භන්ධතා පවත්වන්න. කාන්තාවන් හා කාන්තාවන් අතර සම්භන්ධතා පහත් පුරුද්දක් ලෙසයි මේ සමාජය දකින්නෙ. කාන්තාවන් හිස වසාගෙන සිටීම සාමාන්‍ය සම්ප්‍රදායක් වුනත් ඒ අනිවාර්‍යෙන් පිලිපැදිය යුත්තක් නෙවේ. ඒ එක්කම කාන්තාවන් අඳින සාම්ප්‍රදායික ගවුම දිගෙන් වැඩි වුනත් කර හා පපු ප්‍රදේශය ප්‍රදර්ශණය වෙන විදිහටයි නිර්මානය වෙලා තියෙන්නෙ. ( මේ කාරණය පහුවට ඉතාම වැදගත් වෙනව)

කිරි.. මස් හා ගොවිතැන මත යැපෙන කන්ඩායම් එළුවන්.. ගවයන්.. ඔටුවන් තමන්ගෙ නිෂ්පාදන සඳහා යොදා ගත්තත් ඌරු මස් කෑම ම්ලේච්ඡ ක්‍රියාවක් විදිහටයි මේ අය සලකන්නෙ. ඌරන් අපිරිසිඳු සතුන් ලෙසත් ඔවුන්ගේ ආහාර ජීර්ණ පද්දතිය මිනිසාට සමානව පිහිටා තිබීමත්.. විවිධ ලෙඩ රෝග බෝවීමට ඌරු මස් හේතුවීමත් යන කාරනා මත ඌරන් පරිහරනයට සුදුසු සතෙක් විදිහට මේ සමාජය පිලි ගන්නෙ නැහැ.

මේ තමයි අරාබි සමාජයේ සාමාන්‍ය සම්ප්‍රදායන් හා ලක්ශණ.

ක්‍රිස්තු වර්ශ හාරසීයේදී පමන මෙක්කා නගරය හා කබා පංසල . ( තාක්ශණික ප්‍රථිනිර්මාණය)

මෙක්කා හෙවත් මක්ක්ම නගරය ඉතාම ඉක්මනින් දියුණු වෙන්නෙ වෙළඳ මධ්‍යස්ථානයක් විදිහට හැම ප්‍රදේශයකින්ම එන ජන කොටස් මුන ගැහෙන නිසයි.  මක්කම වෙළඳ මධ්‍යස්ථානයක් වෙද්දි මෙදීනා කෘශිකර්මාන්තය අතින් දියුණු වෙනව.  ඒ එක්කම අප්‍රිකානු ඉතියෝපියානු කලාපයේ බිහිවෙන අක්ශුම් රාජධානිය ක්‍රිස්තියානි රාජ්‍යයක් විදිහට බලවත් වෙනව.  අක්ශුම් රාජධානියේ ඉතියෝපියානුවන් අරාබි අර්ධද්වීපයට ඇතුල් වෙන්නෙ වෙළඳාමට වගේම ධර්ම ප්‍රචාරයට. මේ අය හා යුදෙව්වන් අතර ගැටුම් හා යුද්ධ ඇතිවෙනව දකුණු අරාබිය කලාපයේ ( වර්ථමාන යේමනය).

කාබා හෙවත් ආබ්‍රහම්ගේ පංසල හැම ආගමකටම අයත් වන්දනා කරුවන්ගෙන්ද .. වෙළෙන්දන්ගෙන්ද සැලකිලි ලබනව. රෝම අධිරාජ්‍යයේ සැලකිලි හා නීති රීති එක්ක ක්‍රිස්තියානි ආගම යුරෝපීය ගති සිරිත් එක්ක වේගයෙන් පැතිරෙනව. මෙන්න මේ කාලයේ තමයි මක්ක්ම නගරයේදී මොහොමඩ් උපත ලබන්නෙ.

මේ තමයි ක්‍රිස්තු වර්ශ 570. ලංකාවෙ නම් අනුරාධපුර යුගයේ පලවෙනි අග්බෝ හෙවත් අග්‍රබෝධි රජතුමාගේ කාලය.

ඇෆ්ඝන් ජාතිකයන් හා පර්සියාව එකතුවෙලා නිර්මාණය වෙන සැසානියන් (Sasanian Empire) රාජ්‍ය මේ කාලෙ බලවත් වෙනව. නැගෙනහිර රෝම රාජ්‍ය හෙවත් බයිසෙන්ටීන්  (Byzantine Empire ) රාජ්‍යය ගැන අහන්න ලැබෙන්නෙ කොන්ස්තන්තිනෝපල් නගරයේ දියුණුවත් එක්කයි.

“Science without religion is lame, religion without science is blind.”  Albert Einstein ආගමක් නැති විද්‍යාව කොරෙක් වගේ… විද්‍යාව නැති ආගම අන්ධයෙක් වගේ… අයින්ස්ටයින්.( මේ කතාව කොයිතරම් දුරට නිවැරැදියිද කියන්න අමාරු අයින්ස්ටයින් ‍යුදෙව් ජාතිකයෙක් නිසාම නෙවේ)

බුර්කාව ඉස්ලාම් ආගමේ නීතියක්ද.?  කලිසම් ඇඳගත් කාන්තාවන්ට පංසල් යන්න බැරිද ..? මේ ප්‍රශ්ණ දෙක ටිකක් සමානයි. මේ අපි මුලින්ම අහපු ප්‍රශ්ණයක්.   උත්තරය කොහොමත්ම නෑ. 

කවුරු හෝ කියනව නම් ඔව් කියල ඒ පුද්ගලය එක්කො ඉස්ලාම් ආගම ගැන දන්නෙ නැහැ. නැත්තං කුරාණය කියවල නැහැ. එහෙමත් නැත්තං අරාබි භාශාව දන්නෙ නෑ.

මේක තමයි අද ලෝකයේ තියන ලොකුම ගැටළුව.

ක්‍රිස්තියානි ආගමිකයින් ඒ අයගෙ ආගම හෝ ඉතිහාසය දන්නෙ නෑ. ඉස්ලාම් භක්තිකයින් ඒ අයගෙ ආගම හෝ ආගමේ මූල ධර්ම දන්නෙ නෑ..  බෞද්ධ‍යින්ගෙන් වැඩි දෙනා බෞද්ධ ඉගැන්වීම් අහලවත් නෑ.

අඩුම තරමෙ මොහොමඩ් නබිගෙ කාලයේවත් මේ විකාර ඇඳුම තිබුනෙ නෑ.   ඉස්ලාම් ආගමේ නිර්මාතෲ වන මොහොමඩ් නබි කොයිම වෙලාවකවත් කියල නැහැ… කොතනකවත් ලිඛිතව සඳහන් වෙලා නෑ කාන්තාවන් මුහුණ ආවරණය කරගත යුතුයි කියල.

අඩුම තරමෙ කුරානයට අනුව කාන්තාවන් හිස් ආවරණය කර නොගැනීම දඬුවම් ලබන වරදක් වත් නොවෙයි.  ( හිජාබ් නොපැලඳීම  හරම් ලෙස හැඳින්වෙන්නෙ නැහැ).  කාන්තාවන් හා පිරිමින් දෙපක්ශයම විසින්ම හිස ආවරණය කර ගැනීම  අරාබි හෝ මැදපෙරදිග කලාප වල ලක්ශණයක්.

ඉස්ලාම් ආගම බිහිවීමට පෙර තිබූ ක්‍රිස්තියානි හා යුදෙව් ආගමේ පැරනි පිංතූර දිහා මොහොතකට  බැලුවොත් අපිට ඒ බව වටහා ගන්න පුළුවන්.

හිස වසාගෙන නොසිටීම පවක් ( හරම්) හෝ දඬුවම් ලැබිය යුතු වරදක් ලෙස ඉස්ලාම් ආගමේ සඳහන් වෙන්නෙ නැහැ.

මරිය තුමිය හෙවත් යේසුස්ගෙ මව පවා ඉන්නෙ හිස ආවරනය කරගෙන. මෝසස් හෝ ආබ්‍රහම් පවා හිස් වැසුම් හිස් ආවරන පලඳිනව.  ඒ අධික අව්වෙන්.. කාන්තාර හුලඟෙන්.. උශ්ණත්වයෙන් ආරක්ශා වෙන්න.  ඉන්දියානු කාන්තාවන් ගත්තත්..  දකුණු ඉතාලියේ හෝ පෘතුගීසි කාන්තාවන් වුනත් තමන්ගෙ හිස වසා ගන්න එක අද වුනත් සාමාන්‍ය සිරිතක්.  ඉන්දියානු කාන්තාවන් වෙනම රෙදි කඩක් වෙනුවට සාරි පොට පාවිච්චි කරනව තමන්ගෙ හිස  වසාගන්න.

අරාබි පිරිමි පාවිච්චි කරන හිස් වැස්ම කෙෆියා නැත්තං කුෆා නමින් හඳුන්වනව. keffiyeh / kufiya. كُوفِيَّة kūfīyah.

පර්සියන් ජාතිකයන්ට නම් chafiyeh.  මේ ආකාරයේම හිස් ආවරණයක් පලඳිනව අරාබි කාන්තාවන්. ඒ ස්කාෆ් එක හෙවත් රෙදි කඩට කියන නම හිජාබ්. hijab .حجاب.

එතකොට බුර්කාව..? බුර්කාව කියන්නෙ චෙච්නියානු ජාතිකයන්ගෙ ඇඳුමක්. (චෙච්නියාව කියන්නෙ අසර්බයිජානය අසල පිහිටි කුඩා රාජ්‍යයක්.  රුසියානුවන් එක්ක තියන ගැටුම් හා සැක උපදවන සම්භන්ධකම් නිසා චෙච්නියානුවන් ප්‍රසිද්ධයි.

මේ අයගෙන් උස්බෙකිස්තානයටත්.. එතනින් කසකස්තානය හරහා ඇෆ්ඝ්නිස්තානයටත් මේ විකාර ඇඳුම ගමන් කරනව). කවුරු හරි අහනවනම් බුර්කා හෝ නිකබ් වැනි කාන්තා ඇඳුම් මුස්ලිම් ආගම ලෙස ආසියාවට එද්දි ඇයි පිරිමි හිස් වැසුම් එන්නෙ නැත්තෙ කියල. ඒකට තියන සරල උත්තරය ආසියානු පිරිමින් තුල තියන ලිංගික ඊර්ශ්‍යාව කියන එකයි.

මේ හිජාබ් හිස් ආවරණය ඉස්ලාම් කාන්තාවන්ට අනිවාර්‍යයිද.? නැහැ. නමුත් කුරානය මගින් නිර්දේශ කරනව හිස වසාගෙන සිටීම සුදුසුයි කියල.

මේ කතාවෙ අතීතය හොයාගෙන යන්න පුළුවන් පැරනි බෙදුවන් ( Bedouin )කණ්ඩායම් වලට කන් දුන්නොත්.

මොහොමඩ් නබිගේ කාලයේ අරාබි කාන්තාවන්ගෙ අඳින්න පුරුදුවෙලා හිටියෙ දිග සාම්ප්‍රදායික ගවුමක්. සමහරු හිස ආවරනය කරගෙන හිටිය. සමහර කාන්තාවන් හිස ආවරනය කරගෙන හිටියෙ නෑ. මේ දිග ගවුමේ කර පුළුල් හා ගැඹුරුයි. පියයුරු වලින් අඩක් ආවරණය වෙන ආකාරයට මේ ගවුමේ කර පහලට ගමන් කරනව. මේ ප්‍රදේශයේ වහල් කාන්තාවන් හිටපු බවත් ඒ අය සමහරක් ලිංගික පරිහරනයට යොදාගත් බවත් අපි දන්නව. එක්තරා කාල පරිච්ඡේදයකදි අහන්න ලැබෙනව මේ වහල් කාන්තාවන්ව වගේම අරාබි කාන්තාවන්වත් ප්‍රදේශයේ පිරිමින් විසින් දූශණය කරපු බවට හෝ හිරිහැර කරන බවට.

මේ ගැටළුව දුර දිග යන නිසාම මේ අය තමන්ගෙ ප්‍රාදේශීය නායකයා වූ මොහොමඩ්ගෙන් අහනව මොකද්ද කල යුත්තේ කියල.

සාම්ප්‍රදායික අරාබි කාන්තාවක් – ක්‍රිස්තු වර්ශ 4 වන සියවස.

එයා උපදෙස් දෙනව කාන්තාවන් එලිපහලියට යද්දි තමන්ගෙ හිස වසා ගන්නා රෙදි කඩෙන්ම පියයුරු ප්‍රදේශය වසා ගන්න එක හොඳයි, එමගින් මිනිසුන්ව පෙළඹවීම වලක්වා ගන්න පුළුවන් කියල.  ඒ එක්කම නිවැරදිව හිස ආවරණය කරගන සිටීමෙන් තමන් වැදගත් මුස්ලිම් කාන්තාවක් බවත් තමන් පරිහරණයට සූදානම් භාන්ඩයක් නොවන බවත් යන පණිවිඩය අනිත් අයට දිය යුතු බව එයා කියනව. තවත් විශ්ලේශණ වලට අනුව වහල් කාන්තාවන් හා මුස්ලිම් කාන්තාවන් අතර වෙනස මේ හිස් ආවරනය මගින් ප්‍රදර්ශණය කෙරෙන බවත් කියවෙනව.

කෙනෙක්ට අහන්න පුළුවන් ඇයි කාන්තාවන්ට නීති දාන්නෙ පිරිමින්ට දඬුවම් නොකර ? ඒ තමයි ඒ කාලයේ පැවති පුරුශ මූලික සමාජයේ ලක්ශණය. ( පසු කාලීනව මෙය දෙවියන් විසින් දුන් උපදෙසක් ලෙස සටහන් වෙනව). මෙන්න මේ පණිවිඩය තමයි හිජාබ් හරහා ගෝනිබිල්ලන් ලෙස දිස්වෙන බුර්කාව දක්වා ගමන් කරන්නෙ. ( විවිධ සංස්කෘතීන්ට අනුව සකස් වූ හිජාබ් හෙවත් හිස් ආවරණ තිහක පමන ප්‍රමාණයක් අපිට හඳුනා ගන්න පුළුවන්.)

එතකොට කවුද මේ මොහොමඩ් කියන්නෙ. එයාද කුරාණය ලියන්නෙ.?

නබි කියල හඳුන්වන්නෙ ශාස්තෲ වරයා හෝ පණිවිඩකරු.  ඉස්ලාම් ආගමට අනුව මෝසස් කියන්නෙ නබි කෙනෙක්.. ජේසුස් කියන්නෙත් නබි කෙනෙක්. මොහොමඩ් හෙවත් මුහම්මද් Muhammad ibn Abdullah. ඉපදෙන්නෙ මක්කම නගරයේ හෙජාස් වල .. ඒ ක්‍රිස්තු වර්ශ 570 දී.   

ලංකාවෙ නම් අනුරාධපුර යුගයේ කිත්සිරිමෙවන් රජතුමාගෙ කාලෙ.

රෝම අධිරාජ්‍ය දුර්වල වෙමින් යන මේ කාලයේ ක්‍රිස්තියානි ආගම යුරෝපය පුරා පැතිරෙනව.

මොහොමඩ් ඉපදෙන්න පෙරම එයාගෙ තාත්ත මිය යද්දි …. මොහොමඩ් ඉපදිලා මාස හයකින් එයාගෙ අම්මත් මිය යනව. ඒ තරම් ප්‍රීතිමත් කුඩා කාලයක් මොහොමඩ්ට නොතිබුනත් එයා දක්ශ දරුවෙක්. තරුණ විය ආරම්භ වෙද්දිම දක්ශ ව්‍යාපාරිකයෙක් වෙන මොහොමඩ් තවලම් කරුවන් අතර ප්‍රසිද්ධ වෙන්නෙ නුවණක්කාර වෙළෙන්දෙක් විදිහට. කඩිජා බින්ත් ( Khadija bint Khuwaylid ) කියන්නෙ ප්‍රසිද්ධ ව්‍යාපාරික කාන්තාවක්.

එයා මොහොමඩ්ට වඩා වයසින් වැඩියි. ( අවුරුදු පහලවකින් වැඩිමල් විය යුතුයි).මේ දක්ශ තරුණයා හා විවාහ වෙන යෝජනාව ඉදිරිපත් වෙන්නෙ මේ කාන්තාව විසින්මයි. ක්‍රිස්තු වර්ශ 605 වගේ කාලෙදි සර්ව ආගමික වන්දනා ස්ථානයක් වගේම අරාබි වරුන්ගේ පූජනීය පංසල වන කබා ගංවතුරකින් විනාශ වෙනව. දැන්  අපි දන්නව මේ පංසල ඉදිකලේ ආබ්‍රහම් විසින් බව.    ආබ්‍රහම් මේ පංසල ඉදිකරද්දි එක් පාශණයක් ලබාදීල තියෙන්නෙ ගාබ්‍රියෙල් නම් දේව දූතයා මගින්. 

විනාශ වූ පංසල නැවත ඉදි කිරීමේදී මේ කළු පාශාණය නැවත තැන්පත් කරන්නේ කවුද කියන ගැටළුව මතුවෙනව. හේතුව ඔහු ශුද්ධවන්ත පුද්ගලයෙක් වගේම බුද්ධිමතෙක් විය යුතුයි. මේ සඳහා එක් අයෙක් තෝරා ගැනීම ගැටළුවක් වෙද්දි සළුවක් මත තියපු පාශාණය සුදුසුකම් ඇති හැමෝගෙම සහයෝගයෙන් තැන්පත් කිරීමේ යෝජනාව ගෙන එන්නෙ මොහොමඩ්. මේ සිද්ධියත් එක්කම ඔහුගේ බුද්ධිමත් බව ගැන හැමෝම කතා කරනව. ටික කාලයකින් තමන්ගෙ පවුල ගැනත් .. සමාජය ගැනත් කලකිරෙන මේ තරුණයා ජනාවාස අතෑරල කඳුකර ප්‍රදේශයට යනව භාවනා කරන්න. මෙන්න මේ භාවනා කාලය තුලදී සිහින හරහා ඔහුට විවිධ පණිවිඩ ලැබෙනව.

මේ ගැන කිසිම දෙයක් නොදන්න මොහොමඩ් කලබල වෙන බවත් ආපහු තමන්ගෙ බිරිය සොයා යන බවත් පුරාවෘත්ත වල සඳහන් වෙනව. එයාගෙ බිරිඳ කදිජා ආබ්‍රහම් ආගමිකයෙක්. කදිජා තමයි මොහොමඩ්ට මේ හීන පැගැදිලි කරල දීල ආභ්‍රහම් හා ඔහුගේ දෙවියන් විශ්වාස කිරීමට මොහොමඩ්ව බඳවා ගන්නේ . එයා තමයි මොහොමඩ්ගෙ ප්‍රථම අනුගාමිකයා විදිහටත් සැලකෙන්නෙ.

ඉන්පසු වරින් වර දෙවියන්ගෙන්  මොහොමඩ්ට පණිවිඩ හා උපදෙස් ලැබුනු බවත් ඒ උපදෙස් මත මොහොමඩ් නබි කටයුතු කරපු බවත් තමයි මුස්ලිම් වරුන් විශ්වාස කරන්නෙ. එතකොට කවුද කුරාණය ලියන්නෙ.? තමන්ගෙ ජීවිතයේ අවසන් කාලයේදී මුහම්මද්  විස්තර කරනව සිදුවූ හැම දෙයක්ම වගේම දෙවියන් විසින් තමන්ට ලබාදුන් පණිවිඩ. 

ඔහු වටා ඉන්න ලේඛකයින් විසින් තමයි පැපිරස් පත්වල මේ පණිවිඩ සටහන් කරන්නෙ. මෙන්න මේ ලේඛණ තමයි කුරානය බවට පත්වෙන්නෙ. තවත් විශ්වාසයන්ට අනුව ගාබ්‍රියෙල් නම් දේවදූතයා මගින් රාමදාන් කාලය තුලදී මේ පනිවිඩ මොහොමඩ් වෙත  ලබාදීල තියනව. යුදෙව් ආගමේත්.. ක්‍රිස්තියානි ආගමේත් දෙවියන් විසින් ශාස්තෲ වරුන්ට පණිවිඩ ලබාදෙන්නෙ මේ ආකාරයටමයි.  යුදෙව්වන්ට ලැබෙන පනිවිඩ හීබෲ බසින් සටහන් වෙද්දි.. යේසුස්ට හා වෙනත් පණිවිඩ කරුවන්ට  ඇරමයික් බසින් උපදෙස් ලැබෙද්දි ග්‍රීක් බසින් ඒව සටහන් වෙනව.

මොහොමඩ්ට නබිට දෙවියන්ගෙන් ලැබෙන පනිවිඩ අරාබි බසින් සඳහන් වෙනව. මේ බොහොමයක් පනිවිඩ එක සමානයි.  ලබාදෙන්නෙ එකම දෙවියන් විසින්. තියන වෙනස භාශාව හා සංස්කෘතිය මත ඇති වූ ඒවා බව ඉතාම පැහැදිලි කරුණක්. පසුකාලීනව මොහොමඩ් නබි භාර්‍යාවන් විශාල සංඛ්‍යාවක් සරන පාවා ගන්නේ ආගමික ප්‍රචාරයටත් වඩා තම වර්ගයේ හා පරපුරේ වර්ධනයට බව පැහැදිලියි.

ඒ කාලයේ ඕනෑම සංස්කෘතිකයක නායකයෙක්ට හෝ රජෙක්ට අන්තපුර තිබූ බව අමුතුවෙන් කිවයුතු නෑ.

මෙන්න මේ නිසයි මොහොමඩ් ආගමික නායකයෙක්ට වඩා සංස්කෘතික නායකයෙක් ලෙස හඳුන්වන්න සමහර විචාරකයන් කැමති.

මොනවද ඉස්ලාම් ආගමේ මූලිකාංග. දෙවියන් විශ්වාස කිරීම හා ඇදහීම.. ශාස්තෲ වරුන් විශ්වාස කිරීම හා ඔවුන් පෙන්වාදුන් උපදෙස් පිලිපැදීම. දේවදූතයන් විශ්වාස කිරීම. ආගමික ග්‍රන්ථ විශ්වාස කිරීම ( බයිබලය හා ටෝරාහ් ද ඇතුළුව). අන්තිම විනිශ්චය දවස විශ්වාස කිරීම.

Thus the basic articles of Islamic faith are: 

(a) belief in the oneness of Allah, (b) belief in the prophets and in the guidance that they bequeathed, (c) belief in the angels, (d) belief in the books, (e) belief in the Day of Judgment, and (f) belief in fate. Whoever professes these beliefs is a Muslim.

මේ සියළු දේ විශ්වාස කරන මුස්ලිම් ජනයා විශ්වාස කරන්නෙත් යුදෙව් හා ක්‍රිස්තියානි විශ්වාසම නෙවේද.?

යුදෙව්වන් කියනව ගැලවුම් කාරයා තවම ආවෙ නැති බව.

ක්‍රිස්තියානීන් කියනව එකම ගැලවුම් කරු ජේසුස් බව.

මුස්ලිම් අය කියනව අවසානයට ආපු පණිවිඩකරු මොහොමඩ් බව.

එකම දෙවියන්ගෙ විවිධ විශ්ලේශන තුනක්.

මොහොමඩ්ට දෙවියන්ගෙන් ලැබෙන  පණිවිඩත් එක්ක අරාබි වරුන්ගෙන් වැඩි දෙනා බොහොම සංතෝශ වෙනව.  අරාබියේ තියන මක්කම හා මෙදීනා නගර වලට අමතරව ජෙරුසෙලමත් වන්දනා කල යුතු බව ප්‍රකාශවීමත් එක්ක මේ සංතෝශය බොහොම දුර දිග යනව.මෙන්න මේ ආකාරයටයි ගැටුම් ඇතිවීම ආරම්භ වෙන්නෙ.

තව දුරටත් දැනගන්න අවශ්‍ය නම් අපිට කතා කරන්න පුළුවන් දීර්ඝ වශයෙන්  බයිබලය හා කුරාණය අතර   තියන වෙනස් කම් ගැන. නමුත් වෙනස් කම් තියනව නම් ඒ සංස්කෘතික අර්ථ කථන විතරයි.

 ප්‍රධාන ගැටුම තියෙන්නෙ අරාබි සංස්කෘතිය හා යුරෝපා සංස්කෘතිය අතර බව කල්පනාවෙන් බලද්දි අපිට පැහැදිලි වෙනව.

මේ දෙගොල්ලන්ට අපූරු අවියක් ලැබෙනව “ආගම” නමින්.

එකම දෙවියන් වුනත් මේ අය ගහ මරාගන්නෙ බොහොම සංතෝශයෙන්. සෞදි අරාබියෙන් එන මුස්ලිම් වරුන් හා යුරෝපයෙන් යන ක්‍රිස්තියානීන් ඊශ්‍රායල්‍ අග නගරය වූ ජෙරුසෙලමට මරා ගනිද්දි හිනා නොවී ඉන්න අමාරුයි.

පහුගිය දවසක මගෙ මිත්‍රයෙක් අහනව… “දැන් රුසියාව යුක්‍රේනයට විරුද්ධව යුද්ධ කරනව. ව්ලැඩිමීර් පුටින් කියනව මේ බටහිර කුමන්ත්‍රණයක් කියල. එතකොට රුසියාව කියන්නෙ බටහිර රටක් නෙවෙයිද.? …… “

දැඩි මතධාරී ඕතඩොක්ස් ආගමිකයෙකු වූ ව්ලැඩිමීර් පුටින්
ආගම දේශපාලන අවශ්‍යතා වෙනුවෙන් භාවිතා කිරීම සඳහා දිය හැකි හොඳම උදාහරණයක්.

ඒක හරි ලස්සන ප්‍රශ්ණයක්.  රුසියාව කියන්නෙ බටහිර රටක්. සුදු හම.. බටහිර සිරිත් විරිත්.. ඇඳුම් පැලඳුම්… විශේෂයෙන්ම උසස් ප්‍රංශ සමාජයේ  චාරිත්‍ර වැලඳගත් රටක්. නමුත් රුසියාව බටහිර කියල චෝදනා කරන්නෙ දැනට අවුරුදු සිය ගානකට කලින් ඇතිවුනු ආගමික බෙදීම මත මිස අපරදිග පෙරදිග මත ගැටීම මත නෙවෙයි. අද දකින්න තියන රුසියාවට නැගෙනහිර භූමි ප්‍රදේශ අයිති වෙන්නෙ 1650-1700 වගේ බොහොම මෑත කාලෙකදි. ඊට කලින් භූගෝලීය වශයෙන් වුනත් රුසියාව කියන්නෙ බටහිර රටක්.

මොකද්ද මේ ආගමික බෙදීම..? බටහිර යුරෝපය හෝ නැගෙනහිර යුරෝපය යන කොටස් දෙකම ක්‍රිස්තියානි ආගම මත පදනම් වූ සමාජයන් නිසා කොහොමද මේ අය ආගමිකව බෙදෙන්නෙ.? ඒ නිසා තමයි ආපහු සැරයක් අතීතයට යන්න වෙන්නෙ.පහුගිය දවස් වල අපි කතා කලේ ආබ්‍රහම්ගෙන් පටන් අරගෙන යුදෙව්.. ක්‍රිස්තියානි හා ඉස්ලාම් ආගම් තුන නිර්මාණය වෙන ආකාරය ගැන. ආබ්‍රහම්ගෙන් පටන් ගන්න නිසා අපි මේ ආගම් වලට කියනව ආබ්‍රහමික් ආගම් කියල.

අන්තිමට අපි නතර කලේ ක්‍රිස්තු වර්ශ 570 දි උපත ලැබූ මුහම්මද් ඉබ්න් අබ්දුල්ලාහ් කියන දක්ශ නායකයා විසින් අරාබි ජනතාවට මග පෙන්වන ආකාරය ගැන කතාවත් එක්ක.

මෙක්කා නගරය 1895

මුල්ම කාලයේ මක්කම නගරය හා කබ්බා පංසල කියන්නෙ මුහම්මද් හා  එයාගෙ අනුගාමිකයන්ට තහණම් ප්‍රදේශයක්.  ඒකට හේතුව සර්ව ආගමික නගරයක් වූ මෙක්කා හා එහි ජනතාව මුහම්මද්ගෙ මතයන් හා එකඟ නොවීමයි. නමුත් ක්‍රිස්තු වර්ශ 629- 630 කාලෙදි මෙක්කා නගරය හා ඇතිවෙන යුද්ධයෙන් මුහම්මද්ගෙ හමුදාව දිනනව.

( මෙක්කා නගරය  අත්පත් කරගැනීම-  Conquest of Mecca. Jan 11, 630  – Jan 13, 630 AD )

 ඉන්පස්සෙ මේ හමුදාව ටිකින් ටික උතුරටත් නැගෙනහිරටත් තමන්ගෙ බලය පතුරුවන්න පටන් ගන්නව.

අද වගේ නෙවේ මේ කාලෙදි යුද්ධයෙන් අනිත් ආගම් වලට අයිති ප්‍රදේශ යටත් කරගත්තත්, මේ බොහෝ කලාප වල මිනිස්සුන්ට තමන් මෙතෙක් කල් අදහපු ආගම අදහන්න නිදහස ලබාදෙනව. ඒ එක්කම අද මූලධර්මවාදී  ආගමික රාජ්‍යයන් වගේ නෙවෙයි මුහම්මද්ගෙ පාලන කාලයේ කාන්තාවන් නිදහස භුක්ති විඳිනව.

හොඳම උදාහරණයක් තමයි මුහම්මද්ගේ හමුදාවේ  ( ඉස්ලාම් හමුදාවේ ) සේවය කරපු හමුදා නායිකාවක් වූ කවාල් බින්ට්. (Khawla bint al-Azwar).

අපි මේ කතා කරන කාලයේ ගැහැනු දරුවන් බොහොමයක් උපතේදීම මරල වල දැමීම ගෝත්‍ර අතර දකින්න තිබුනු සාමාන්‍ය පුරුද්දක්.  මේ පුරුද්ද හෝ ක්‍රමය නීතියෙන් තහනම් කරන්නත්..  දැරියන්ට හා කාන්තාවන්ට අන් අයට වගේම නිදහස ලබාදෙන්නත් මේ තරුණ නායකය පියවර ගන්නව.නමුත් මේ කලාප වල තියන දැඩි සංස්කෘතික හා සාමාජික පුරුදු වලින් මිදෙන්න මුහම්මද් හෝ ඔහුගේ අනුගාමිකයන්ට හැකිවෙන්නෙ නෑ.

 සමහර ගෝත්‍ර හා කණ්ඩායම් වල තිබුනු ක්‍රම හා පිලිගැනීම් මුස්ලිම් පුරුදු විදිහට පසුකාලීනව පිලිගැනීමට සිදුවෙන්නෙ දේශපාලනික අවශ්‍යතා මත මිස ආගමික පසුබිමක් යටතේ නෙවෙයි.

ඒත් එක්කම මේ තරම් කාලයක් හඬක් හෝ නායකත්වයක් නැතිව හිටපු අරාබි ජනතාව බොහොම සතුටට පත්වෙනව අන්තිමේදී අරාබි කලාපයේ නැගීසිටීම පිලිබඳව.

ක්‍රිස්තු වර්ශ 303 දී රෝම අධිරාජ්‍ය ක්‍රිස්තියානි රාජ්‍යයක් බවට පත්වීමත් ඒ හරහා අරාබී ජාතීන් තවදුරටත් ප්‍රථික්ශේප වීමත් මත මේ අය බොහොම කණගාටුවෙන් හිටපු ආකාරය ගැන අපි කලින් කතා කලා. මෙන්න මේ නිසයි මුහම්මද්ගේ අරාබි හමුදාව විශාල ජයග්‍රහන ලබන්නෙ. ඒ එක්ක්ම කාලිෆට් එහෙමත් නැත්තං මුස්ලිම් වරුන්ගේ රාජධානිය උතුරු අප්‍රිකාවේ මොරොක්කෝව ඇල්ජීරියව දක්වාත් .. මධ්‍යදරනී මුහුදෙන් එපිට ස්පාඥ්ඥය දක්වාත් ව්‍යාප්ත වෙනව. අනිත් අතින් මේ හමුදාව ඊශ්‍රායලය දක්වා ගමන් කරන්නෙ ජෙරුසලෙම් නගරය මුස්ලිම් වරුන්ට අයිති නගරයක් බව ප්‍රකාශ කරමින්.

මුහම්මඩ් නබි දැක්වෙන චිත්‍රයක්.
( සිතුවම් හා නිර්මාණ ඉතාම සීමිත සංඛ්‍යාවක් දකින්න ලැබෙන්නෙ වැඳීම පිනිස රූප හා පිලිම යොදා නොගන්න යන නීතිය මත විය යුතුයි.)

ක්‍රිස්තු වර්ශ 632 දී මුහම්මද් මිය යන්නෙ ශාස්තෲවරයෙක් විදිහට.   මිය යාමට ආසන්නව එයා පැහැදිලි කරනව සියළුම සිදුවීම් හා දෙවියන් හා ඇතිවූ කතා භහ.  එයා අවට ඉන්න ලියන්නන් හෙවත් ලේඛකයන් මේ කතා සටහන් කරනව.  මෙන්න මේ ලේඛන තමයි කුරාණය බවට පත්වෙන්නෙ.

නමුත් මුහම්මද් නබිගෙ මරණයත් එක්කම මේ අරාබි ජනතාව අතර ගැටුම් හටගන්නව. ඒ අය මුහුන දෙන ප්‍රධාන ගැටළුවක් තමයි මුහම්මද්ගෙන් පස්සෙ කවුද නායකයා වෙන්නෙ… කොහොමද දෙවියන් හා සන්නිවේදනය කරන ශාස්තෲවරයා තෝරාගන්නෙ කියල.

 මේ ගැටුම් යුද්ධ.. කුමන්ත්‍රණ .. මිනිමැරීම්.. දක්වා දුරදිග යනව.

මේ ගැටුම් වල ප්‍රථිඵ්ලයක් විදිහට තමයි මුස්ලිම් ආගමේ විශාලතම බෙදීම වන ශියා හා සුන්නි කියන ඛාන්ඩ දෙක නිර්මාණය වෙන්නෙ. සරලව ගත්තොත් එක කොටසක් කියනව මුහම්මද්ගේ පරපුරෙන් පැවත එන අය මුස්ලිම් ජනතාවට නායකත්වය දිය යුතුයි. මේ අය තමයි දෙවියන්ගේ පණිවිඩ කරුවන් හෝ ආගමට අනුව මග පෙන්වන්නන් විය යුත්තේ කියල. මුහම්මද් නබිගේ ඥාති පුත්‍රයා වන අලි ශියා යටතේ මේ අය එකතු වෙනව.  (‘Ali – Shi’atu Ali). මෙන්න මේ කොටසයි මුස්ලිම් ශියා කන්ඩායම බිහි කරන්නෙ. මේ අය කියන විදිහට මුහම්මද්ගේ පරපුරෙන් පැවත එන මිනිසුන් විතරයි ඉමම් වරු ( ආගමික පූජකයින්) බවට පත් වෙන්නෙ. අනිත් කොටස කියනව… මුහම්මද අපිට මග පෙන්නුවා.. අපි අනුගමනය කල යුත්තේ ඔහු විසින් පෙන්වා දුන් ..ඉගැන්වූ කරුණු මිස ඔහුගේ ඥාතීන්ගේ අදහස් නෙවේ.  ඒ එක්කම දෙවියන් වෙතට ලඟාවීමට මුහම්මද්ගේ ඥාතීන් හෝ පරපුර අපිට අවශ්‍ය නෑ කියල.

මෙන්න මේ කන්ඩායම තමයි සුන්නි ආගමික කණ්ඩායම බවට පත්වෙන්නෙ.

පසු කාලීනව ඉරානය මූලික කරගෙන ඉරාකය.. පාකිස්තානය.. ඉන්දියාව වැනි රටවල් ශියා මුස්ලිම් රටවල් බවට පත්වෙද්දි සෞදි අරාබිය… ඊජිප්තුව.. ජෝර්දානය.. කුවේටය සුන්නි මුස්ලිම් රටවල් බවට පත්වෙනව.ඒ කොහොම වෙතත් අරාබි ප්‍රදේශ වල තියන සංස්කෘතික හා සාමාජීය ලක්ශණ මුස්ලිම් සංස්කෘතිය හා නීතිරීති විදිහට ඉතා ඉක්මනින්ම ප්‍රචලිත වීම අපිට පහසුවෙන් දකින්න පුළුවන්.

මුස්ලිම් ආගම ශියා හා සුන්නි විදිහට බෙදෙන කොට රෝමයට අරගෙන ගිය ක්‍රිස්තියානි ආගමත් දෙකට බෙදෙනව. 

රෝමය ක්‍රිස්තියානි ආගම යොදාගන්නව පාලන උපක්‍රමයක් විදිහට. මේ තරම් කාලයක් දෙවිවරු සිය ගානක් හිටපු රෝමය හා යුරෝපය ඒ ඔක්කොම දෙවිවරු වෙනුවට එක දෙවි කෙනෙක්ව ( යුදෙව් වරුන්ගේ එකම දෙවියන් ) තෝර ගන්නව. ඒ එක්කම රෝම හා යුරෝපීය පුරුදු ක්‍රිස්තියානි ආගමට ඔබ්බවනව.  ග්‍රීක බසින් ලියවූ ගොස්පල් ලතින් බසින් බයිබලයේ නව ගිවිසුම විදිහට මේ අය එලිදක්වද්දි… ග්‍රීසිය.. කිවියාන් රුස් ( වර්ථමාන යුක්‍රේනය- රුසියාව බිහිවීමට පෙර) .. ආර්මේනියාව… ජෝර්ජියාව මේ අදහස් වලට එකඟ වෙන්නෙ නෑ. 

ගොස්පල් ලතින් බසට පරිවර්තනය වෙද්දි ඇතිකරපු වෙනස්කම් නිසා තමයි මූලිකවම මේ මත ගැටුම් හටගන්නෙ.

ක්‍රිස්තු වර්ශ 1054 දි ඇතිවෙන  මේ බෙදීම හඳුන්වන්නෙ ග්‍රේට් ස්ශිස්ම් විදිහට.       ( Great Schism or Schism of 1054 )

ග්‍රීසිය.. යුක්‍ර්‍රේනය… රුමේනියාව.. ජෝර්ජියාව…සර්බියාව.. බල්ගේරියාව.. ආර්මේනියාව වගේ රටවල් රෝමය විසින් කරන වෙනස්කම් වලට හා රෝමයේ ආගමික නායකත්වයට එකඟ නොවීම මත ඒ අය ඕර්තඩොක්ස්  ආගම (  විදිහට බෙදෙනව.  ( පසු කාලීනව බිහිවෙන රුසියාව අයිති වෙන්නෙ මේ ඕර්තඩොක්ස් ආගමට ).මෙන්න මේ අය තමයි චෝදනා කරන්නෙ බටහිර රටවල්  ආගමේ නාමයෙන් දේශපාලන කුමන්ත්‍රණ කරන බවට.

මොනවද මේ බටහිර රටවල්..?  රෝමය  ( පසු කාලීන ඉතාලිය) ප්‍රංශය.. ඔස්ට්‍රියාව..  ස්පාඥ්ඥය.. පෘතුගාලය.. බෙල්ජියම නමුත් ආසියාවෙ ඉඳල බලද්දි මේ ඔක්කොම බටහිර රටවල් )

(සීතල යුද්ධය තිබුනු කාලෙදි ” ධනවාදී රටවල්” කියනව වෙනුවට “බටහිර රටවල්” යන යෙදුම පාවිච්චි කිරීමෙන් රුසියානුවන් දෙවිදිහකින් තමන්ගෙ අරමුනු ඉටුකරගන්නව.ඒ දැඩි මතධාරී ආගමික ඛාන්ඩ හා නැගෙනහිර ඇති ආසියානු රටවල් තමන්ගෙ කන්ඩායමට එකතු කරගැනීම තුලින්)

මෙන්න මේ කාලෙදි අරාබි කරයෙන් එන මුස්ලිම් හමුදාව ඊශ්‍රායල ප්‍රදේශ ආක්‍රමණය කරනව ජෙරුසෙලම ඒ අයටත් අයිති නගරයක් බවට ප්‍රකාශ කරමින්. රෝමය මුල්කරගත් බටහිර රටවල් ජෙරුසෙලම ආරක්ශා කරන්න යුද්ධයට යනව.  මේ යුද්ධය අපි හඳුන්වනව කුරුස යුද්ධය විදිහට ( Crusades).

ජීවිත මිලියන ගනණක් බිලිගත් මේ විකාර යුද්ධය වර්ශ 1095 ඉඳල වර්ශ 1492 දක්වා ඇදෙනව.  සමහර විචාරකයන් කියන විදිහට අද දක්වාත් මේ යුද්ධය අවසන් නෑ.

මේ අතරෙ රෝමයේ කතෝලික ආගමේ නායකය විදිහට පිලිගන්නෙ පාප් නම් තණතුරක් දරන පූජකයන්ගෙ ප්‍රධානියාව.  මේ අය බොහොම ඉක්මනින් බලවත් වෙනව.අද රෝමානු කතෝලික අදහන ජන කොටස  සලකන්නෙ පාප් වහන්සේ ශුද්ධවූ පුද්ගලයෙක් විදිහට.

නමුත් ක්‍රිස්තු 1800 දක්වා කාලය තුල මේ පාප් වහන්සේලා බිරියක් හෝ බිරියන් කීප දෙනෙක් එක්ක සම්භන්ධ කම් පවත්වපු.. දරුවන් හා විශාල පවුල් නඩත්තු කල පුද්ගලයින්.

උදාහරණයක් විදිහට 1823-1829 කාලයේ හිටපු දොලොස්වන ලියෝ පාප් තුමාට දරුවන් තුන්දෙනෙක් ඉන්නව. නීතියෙන් විවාහ නොවුනත් ඔහුගේ බිරිඳ ප්‍රසිද්ධියේම ජීවත් වෙනව පාප් වහන්සේ සමග.දෙවියන්ගේ පණිවිඩකරු.. නියෝජිතයා.. කතෝලික ආගමේ නායකයා විදිහට මේ අයව පිලිගන්න නිසා කිසිම කෙනෙක් මේ අයව ප්‍රශ්ණ කරන්න යන්නෙ නෑ. මත්පැන්.. සාද.. ලිංගික සම්භන්ධතා.. රාත්‍රී උත්සව වගේ ඕනෑම දේකට මේ අයට නිදහස තියනව.

ඇලෙක්සැන්ඩර් VI .. ප්‍රථිනිර්මාණය- බෝර්ජියා.

පෙම්වතියන් පමනක් නෙවේ ප්‍රසිද්ධියේම පෙම්වතුන් සමගත් සම්භන්ධතා පවත්වපු ..ජීවත් වූ පාප් වරුන් ඉතිහාසයේ සඳහන් වෙනව.

දෙවන පෝල්..  (  Paul II   1464 -1471 )

 තුන්වන ජුලියස්.. ( Julius III ( 1550 – 1555 )

හතවරවන සික්ටුස්  ( Sixstus IV  1471- 1484)

දසවන ලියෝ   ( Leo X – 1513 -1521)

වගේ පාප්වරුන් ප්‍රසිද්ධියේම තමන්ගෙ පෙම්වතා හෝ පෙම්වතුන් සමග ජීවත් වූ පාප්වරුන් විදිහට සඳහන් වෙනව.

දස පණත හා දෙවියන්ගේ නීති යටතේ විවාහ වෙන සාමාන්‍ය මිනිස්සුන්ට දික්කසාද වීමට වත් අයිතියක් නැති මේ රෝමානු කතෝලික ආගමේ නායකයන් තමන්ට කැමති ආකාරයට බලය හා නිදහස පාවිච්චි කරනව. පියාගෙන් පුතාට පාප් නිලය ගමන් කල හැකි තත්වයකට මේ බලය දුරදිග යද්දි දෙවියන් කෙරෙහි විශ්වාසය තබන අසරන බැතිමතුන් දූශිත පූජකයන් ඉදිරියේ වැඳ වැටෙනව. 

මේ අය රජවරුන්ට හා දේශපාලකයන්ට වඩා බලවත් වෙනව. ධනවත් වෙනව. 

අධික බදු .. දේවස්ථාන වලට ලැබෙන ආධාර.. රජවරුන් හා සිටුවරුන්ගෙන් ලැබෙන පරිත්‍යාග එක්ක යුරෝපයේම බලවත්ම හා ධනවත්ම ආයතනය බවට පත්වෙන්නෙ රෝමානු කතෝලික පල්ලිය. රජවරුන්ගේ බලයට වඩා ඉහලින් පාප්තුමාගේ හෝ පූජකයන්ගේ නීතිය බලපානව යුරෝපය පුරාම. ඕතඩොක්ස් ආගමේ වුනත් පූජකයන් ඉතාම බලවත් කොටසක් බවට පත්වෙනව. දෙවියන්ගේ නාමයෙන් හා බලයෙන් මේ අය බොහොම පහසුවෙන් පාලනය ගෙනියනව දකින්න පුළුවන්. විශේෂයෙන්ම රජ පවුලේ  කෙනෙක්ට විවාහ වෙන්නෙ පවා පාප්වහන්සේගේ අනුමැතිය ගත යුතු වෙනව. දික්කසාද වෙන රජකෙනෙක්ව බලයෙන් පහ කරන්න පවා පාප් වහන්සේට බලය ලැබෙනව. මෙන්න මේ කාරණය මුල්කරගෙන තමයි ඇන්ග්ලිකන් ආගම බිහිවෙන්නෙ.

අටවන හෙන්රි රජු.. ( භාර්‍යාවන් හය දෙනෙකු සරන පාවාගත් බව සැලකෙනව )

1530 අවුරුද්දෙදි එංගලන්තයේ අටවෙනි හෙන්රි රජතුමාට ඕනෙ වෙනව දික්කසාද වෙන්නත් වෙනත් කාන්තාවක් හා විවාහ වෙන්නත්.  නමුත් හත්වෙනි ක්ලෙමන්ට් පාප්වහන්සේ මේක අනුමත කරන්නෙ නෑ.

මෙන්න මෙතනදි තමයි එංගලන්ත රජතුමා රෝමයේ කතෝලික පල්ලියෙන් වෙන්වෙන්නෙ. නමුත් ඒ අය දෙවියන් අදහන ක්‍රිස්තියානි ආගමිකයින්. මෙන්න මෙතන තමයි ඇන්ග්ලිකන් ආගම බිහිවෙන්න අඩිතාලම වැටෙන්නෙ. වර්ශ 1500 කාලය වෙද්දි කතෝලික පල්ලියේ පාලනය හා බදු නිසා යුරෝපයේ ජනතාව බොහොම වෙහෙසට පත්වෙලා ඉන්නෙ.  අහස උසට පල්ලි ඉදිවෙනව… රන් පිලිම .. රන් ආසන වගේම පූජකයන්ට ජීවත් වෙන්න මාලිගා නිර්මාණය වෙනව.. දෙවියන් වෙනුවෙන් කියමින් මහා ලොකු පරිත්‍යාග ලැබෙනව. නමුත් දුප්පත් මිනිස්සු නොසලකා හරිනව වගේම ආගමේ මූලික ඉගැන්වීම් අමතක කරල දානව.

වඩා ලොකු.. වඩාත්ම උස.. අළුත්ම ක්‍රමයේ වාස්තු විද්‍යාව .. වැඩිම රත්තරන් හෝ රිදී ඉදි කිරීම් මගින් දෙවියන්ට ලඟා වෙන්න පුළුවන් කියන අමුතු අදහස මේ කාලයේ යුරෝපයේ බොහොම ප්‍රසිද්ධ වෙනව.  ( අද ලංකාවෙ පංසල් සංස්කෘතිය වගේ). ( සාධාරන පූජකයන් හා පල්ලි නොතිබුනාම නෙවේ). මේ අසාධාරණය… බදු බර දරාගන්න බැරිව මිනිස්සු ටිකෙන් ටික හඬ නගනව.

වර්ශ 1517 දී මාර්ටින් ලූතර් නම් පූජකයෙක්/ගුරුවරයෙක්  විසින් ලිපි පෙලක් ලියනව මේ ක්‍රිස්තියානි මූලධර්ම ප්‍රශ්ණ කරමින්.  කරුණු 95 ක් ඉදිරිපත් කරමින් එයා මේ අසාධාරණ හෝ විශ්වාස කල නොහැකි  අදහස් ගැන ප්‍රශ්ණ කරනව. රෝමානු කතෝලික පල්ලිය බොහොම කෝපයට පත්වෙනව මේ ලියවිලි ගැන. දේව පවුල.. මරිය තුමිය.. රෝමයේ පාප්වහන්සේගේ පාලනය.. බදු එකතු කිරීම හා නීති පැනවීම වගේ කරුණු ප්‍රතික්ශේප කරල ජේසුස්ගේ ඉගැන්වීම් හා දෙවියන් විශ්වාස කල යුතුය යන අදහස් මූලික කරගෙනයි ප්‍රොතෙස්තන්ත ආගම බිහිවෙන්නෙ.

රෝමානු කතෝලික පල්ලිය විසින් ප්‍රොතෙස්තන්ත ආගම තහණම් කරනව.

ජර්මනියේ විටර්න්බර්ග් හා ස්විට්සර්ලන්තයේ ජිනීවා නගර මුල් කරගෙන ප්‍රොතෙස්තන්ත ආගම ඉක්මනින්ම ප්‍රසිද්ධ වෙන්නෙ ඒ ඉගැන්වීම් වල තියන සරල හා තර්කානුකූල අදහස් නිසා වෙන්න පුළුවන්. මේ අය රෝමය හා පාප්වහන්සේ ප්‍රථික්ශේප කිරීම මත යුරෝපය පුරාම යුද්ධ හා ගැටුම් ඇතිවෙනව. මෙන්න ආකාරයටයි ප්‍රොතෙස්තන්ත ආගමත් කතෝලික පල්ලිය වෙනුවට ප්‍රොතෙස්තන්ත පංසලත් නිර්මාණය වෙන්නෙ. ඉන්පස්සෙ විවිධ කුඩා වෙනස් කම් මුල් කරගෙන ජොහාවාගේ පනිවිඩ කරුවන්.. බැප්ටිස්ට් .. ශුද්ධවන්ත පනිවිඩය වගේ සිය ගානක් ක්‍රිස්තියානි ශාඛා බිහිවෙනව.

නමුත් මේ ඔක්කොම අයිති වෙන්නෙ එකම ආගමකට හෝ එකම දෙවි කෙනෙක්ට. රෝමානු කතෝලික බලය කොයිතරම් බලවත් වෙනවද කියන එකට හොඳම උදාහරනය තමයි 1929 දි වතිකානුව වෙනම රාජ්‍යයක් බවට පත්වීම. ඒ කියන්නෙ දේශපාලන වශයෙන් ඒ අය ස්වාධීනයි.

ක්‍රිස්තු වර්ශ පලමු සියවසේදී ඉන්දියාවේ ගෝවට පැමිනි ශාන්ත තෝමස් විසින් ඉන්දියානු ප්‍රදේශ වලට ක්‍රිස්තියානි ආගම හඳුන්වාදුන් බව ඉතිහාස ලේඛණ වල සඳහන් වෙනව. නමුත් 1505 දී ලංකාවට පැමිනි පෘතුගීසීන් විසින් තමයි ක්‍රිස්තියානි ආගම හා පුරුදු ලංකාවෙ ප්‍රචලිත කරන්නෙ.

මේ කාලයේ යුරෝපයේ ප්‍රසිද්ධ රෝමානු කතෝලික නීති හා ඇදහීම්. මේ නිසයි අද වුනත් රෝමානු හා ඉතාලි වචනත්.. ලතින් භාශාවත් ක්‍රිස්තියානි ආගමේ භහුලව යොදාගන්නෙ. ඉස්ලාම් ආගම ලංකාවට හඳුන්වා දෙන්නෙ හත්වන සියවසේදි අරාබි වෙලඳ කණ්ඩායම් විසින්.

අද අරාබි එමීර්… ඕමානය වගේ රටවල් ගත්තත්  ඩුබායි අබුඩාබි වගේ නගර ගත්තත් ඉස්ලාම් ආගම සමග මිනිස්සු බොහොම සැහැල්ලුවෙන් ජීවත් වෙනව. නමුත් ඇෆ්ඝනිස්තානය.. ඉන්දියාව හෝ ලංකාව වගේ රටවල සමහර මුස්ලිම් ඛාන්ඩ දැක්කමත් බය හිතෙනව. බෞද්ධ ඉගැන්වීම් කොයිතරම් අවිහිංසා වාදී වුනත්… සාමකාමී  වුනත් තායිලන්තයේ හෝ ශ්‍රී ලංකාවේ සමහර බෞද්ධ ඛාන්ඩ ආගම වෙනුවෙන් රන්ඩු වෙනව .. මරාගන්නව. 

ක්‍රිස්තියානි ආගම බිහිවූ ඊශ්‍රායල් කලාපයේ දකින්න නැති ආශ්චර්‍යයන්.. ලෙඩ හොඳ කිරීම්.. යක්ශයින් පැන්නීම් ලංකාවෙ ක්‍රිස්තියානි සමාජ අතර දකින්න තියනව.ඇත්තටම මේක ආගමේ වරදක්ද… නැත්තං මේ ආගම් වැලඳගන්නා ජන කොටස් වල වරදක්ද..?

ඒ කරුණු කාරනා මොනව වුනත් මේ ආගම් තුනට එහෙමත් නැත්නම් ආබ්‍රහමික් ආගම් වලට අයත් ජන කොටස ලෝක ජනගහනයෙන් 60% කට ආසන්නයි.

ඒ තමයි අපි ජීවත් වෙන ලෝකය.

———————————————————————————–

ආගමක් කියන්නෙ විශ්වාසයක් මත පදනම් වූ දෙයක්. ඒක පෞද්ගලිකයි. හරියට තමන්ගෙ යට ඇඳුම වගේ.
අපි කවුරුත් තැන තැන කිය කිය යන්නෙ නෑ මගේ යට ඇඳුම උඹේ යට ඇඳුමට වඩා හොඳයි කියල. අපි කවුරුවත් අහන්නෙ නෑ පාරෙදි මුන ගැහිල උඹ ඇඳන් ඉන්න යට ඇඳුමෙ පාට මොකද්ද කියල.
මගේ යට ඇඳුම අවිහිංසාවාදීයි.. ලෝකයෙන් හොඳම එක.. ලස්සනම පාට තියන එක කියමින් අපි වාද කරන්නෙ නෑ.
කාටවත් තමන්ගෙ පෞද්ගලික ඇදහීම් වලින් හෝ මතවාද වලින් වැඩක් නැහැ.

ඇත්තෙන්ම හෝමෝ සේපියන්ස්ල පුදුමාකාර මෝඩ සත්ව කොටසක්. කාලයක් ඔවුන් ආගම් හෝ දෙවියන් නැතිව ජීවත් වුනා.. ඉන්පස්සෙ එක පාරටම දෙවියන් හැම තැනම පේන්න ගන්නව. හරියට පරවියො වගේ.
ඉන්පස්සෙ ලොකු දෙවි කෙනෙක් ඇවිත් අනිත් දෙවියන්ව ගිලිනව.. ඩයිනෝසෝරයෙක් වගේ.
කොයිතරම් ගිල දැම්මත් ඈයෙ තැන තැන මේ අය පහල වෙනව… ඉගිලෙනව.
ඉන්පස්සෙ ඔන්න ශාස්තෲ කෙකෙන් පහල වෙනව.. එයා වටේ දෙවියන්ව පෝලිම් කරවනව කතංදර අහන්න.
සමහරු කියනව තිස් තුන් කෝටියක් ඉන්නව කියල.
ලෝක ජනගහනය දෙගුන වෙද්දි දේව ජනගහනය වැඩිවෙන්නෙ නෑ.

විශ්වාසයන් තිබිය යුතුයි.. ඇදහීම් තිබුනට වරදක් නෑ. නමුත් මේ ඇදහීම් හා විශ්වාස නිසා මිනිසුන් හා සතුන් හිරිහැරයට පත්වෙනව නම් ඒ ඇදහීම් වලින් පලක් වෙන්නෙ නෑ.

තමන්ගෙ දෙවියන් හා තමන්ගෙ ඇදහීම් තමන්ට පමනක් සීමා කරගන්න පුළුවන් නම් මේ ලෝකෙ මීට වඩා සුන්දර තැනක් වේවි.

යක්ශයන් හා දෙවියන් සිටින්නෙ තමන්ගෙ හිස තුලමයි. ඔවුන්ව හඳුනාගන්න හා පාලනය කරන්න තමයි අධ්‍යාපනය හා හිතීමේ හැකියාව දියුණු කරන ක්‍රම අවශ්‍ය වෙන්නෙ.

ඒ මට හිතෙන හැටි.

Leave a comment