.
ඇෆ්ඝන් නූල් බෝලය…

අපි නතර කරේ කොතනින්ද…
ඔව්… ඇෆ්ඝනිස්ථානයේ පියා විදිහට අදටත් හඳුන්වන අහමඩ් ශාහ් දුරානි මහත්තයා එහෙමත් නැත්නම් රජතුමා තමයි නූතන ඇෆ්ඝන් රාජ්‍යය බිහි කරන්නෙ කියන තැනින් අපි නැවැත්තුවේ .
එතුමාගෙන් පස්සෙ නායකත්වයට පත්වුනු එතුමාගෙ පුතාල තාත්ත තරම් දක්ශ අය නෙවේ කොහොමටවත්.ඒ නිසාම විවිධ කුමන්ත්‍රණ වලට වගේම පරාජයන්ටත් මූණ දෙන්න වුනේ විදේශයන්ගෙන් නෙවෙයි රට ඇතුලෙන්මයි.
මෙන්න මේ කාලෙ තමයි බ්‍රිතාන්‍ය ඊස්ට් ඉන්දියා සමාගමත් රුසියානුවොත් ඇෆ්ඝන් භූමියට ඉව අල්ලන්නෙ.
…………………………………..
දුර්වල පාලකයෙක් වූ කණිශ්ඨ දුරානි රජුගේ බලය පෙරලල ඇෆ්ඝනිස්තානයේ බලය අතට ගන්නෙ දෝස්ට් මොහොමඩ් කාන් ( Dost Mohomad Khan) කියන එමීර් වරය. ඒ 1823 අවුරුද්ද. මෙයා දක්ශ පාලකයෙක්.
තවත් වැදගත් දෙයක් සිද්ධ වෙනව මේ කාලෙ.
ඒ තමයි හෙමින් නැගිටින ඇෆ්ඝනිස්ථානය දකින රුසියාව තමන්ගෙ උදව් උපකාර යෝජනා කරනව ඇෆ්ඝබ් වරුන්ට. නමුත් රුසියානුවන්ගේ මැදිහත්වීම හා උදව් දෝසට් කාන් විසින් ප්‍රථික්ශේප කරන්නෙ මේ උදව් වල යටි අරමුණු කලින්ම තේරුම් ගන්න නිසයි.
ඒත් රුසියානුවන්ව ප්‍රථික්ශේප කරල බලවතුන් මැද්දෙ තනියම ඉන්න එක ලේසි නෑ. එක පැත්තකින් ඉන්දියාව හා සීක්හ් වරුන්.. තවත් පැත්තකින් ප්‍රංශ වෙලෙන්දන් … ඒ අතරෙ ඉංග්‍රීසීන්ගේ නැගෙනහිර ඉන්දියානු සමාගම මේ කාලයේ ඉතාම බලවත් වෙනව මේ කලාපය තුල.

( power game)හෙවත් බල අරගලයමෙන්න මේ කාලෙ තමා පවර් ගේම් ( power game)හෙවත් බල අරගලය හෝ බල සෙල්ලම සිද්ධ වෙන්නෙ. සමහරෙක් මෙය ග්‍රේට් ගේම් ( great game) කියලත් හඳුන්වනව.ඉංග්‍රීසීන් හා බලය සඳහා සෙල්ලම් කරන්න ඇෆ්ඝන් වරුන්ට සිද්ධ වෙනව. වෙළඳ ගිවිසුම් සාර්ථක වෙන්නෙ නැති තැන ඉංග්‍රීසින් යුද්ධ කරන්න තීරණය කරනව මේ කඳුකර මිනිස්සුන්ට විරුද්ධව.
පලවෙනි ඇෆ්ඝන් ඉංග්‍රීසි යුද්ධය ( 1839 -1842).
මුලින්ම ඉංග්‍රීසීන්ට වාසි වෙන බව පෙන්නුවත් ශීත කාලයේ අධික හිම පතනයත් එක්ක ඉංග්‍රීසින් ලොකු පරාජයකට මුහුණ දෙනව. කාබුල් ජලල්ලාබාද් මාර්ගයේ ගන්ඩාමාක් නම් කඳුකර ප්‍රදේශයේදී තිස් දහසකට වැඩි බ්‍රිතාන්‍ය හේවායන් හා පවුල් කොටු කරගන්න ඇෆ්ඝන් වරු සමත් වෙනව.
අධික සීතලටත් .. හිම පතනයටත් කොටුවුණු ඉංහ්‍රීසීන් ඇෆ්ඝන් ගරිල්ලා ප්‍රහාර වලට මූන දීල සමූල ඝාතනය වෙන මේ සිද්ධිය හැඳින්වෙන්නෙ 1842 බ්‍රිතාන්‍ය මස්සැක්‍ර විදිහට.

( Massacre of Elohinstone ´s Army 1842)
කාන්තාවන් .. දරුවන් ඇතුළු 18 000 කට ආසන්න බ්‍රිතාන්‍යයන් මරණය වැලඳ ගන්නව මේ සටනේදී. ( සමහර වාර්ථා වලට අනුව බොහොමයක් දරුවන් මිය යන්නෙ අධික සීතල නිසා).
කොහොම උනත් ඉංග්‍රීසීන් පරාජය කරන ඇෆ්ඝන් හමුදාව තව දුරටත් තමන්ගෙ රට ආරක්ශා කර ගන්නව.
පර්සියන්වරු සමගත් ,පන්ජාබ් රාජ්‍යයේ ඉන්දියානුවන් සමගත් සටනට යන මොහොමඩ් කාන් 1862 දී මිය යන්නෙ තමන්ගෙ පුතාට බලය පවරල දීල. මෙතනදි සිදුවෙන තවත් දෙයක් තමයි බොහෝමයක් ශියා මුස්ලිම් වරුන්ගේ බලපෑමට ලක්ව හිටපු ඇෆ්ඝන් වරු ,සුන්නි මුස්ලිම් ඛාන්ඩයට එකතු වීම.
ඒ ගැන පැහැදිලි විස්තරයක් හොයා ගන්න නැතත් ඩෝසට් කාන් සුන්නි මුස්ලිම් වරයෙක් වීම ඊට හේතුව වෙන්න පුළුවන්.
මේක වැදගත් දෙයක්ද. ? ඔව්..
හේතුව මේ බල කඳවුරු දෙකක්. සෞදි අරාබිය හා ඉරානය ප්‍රභල සතුරන් වෙන්නෙ මෙන්න මේ කාරණය නිසයි. ඉරානය.. ඉරාකය… බහරේන් රාජ්‍ය .. කසකස්තානය ශියා මුස්ලිම් රටවල් වෙද්දි …..සෞදි අරාබිය .. ඊජිප්තුව..මැලේසියාව.. කටාර් රාජ්‍ය සුන්නි රටවල් .
1862 දී බලයට එන ශෙර් අලි කාන් ( Sher Ali Khan) තමංගෙ තාත්ත තරම් දක්ශ නැතත් දෙවන ඇන්ග්ලෝ ඇෆ්ඝන් යුද්ධය එනතෙක් රට පාලනය කරනව.නමුත් 1880 කන්දහාර් සටන අවසන් වෙන්නෙ ඉංග්‍රීසි ඉන්දියාවට හෙවත් ඉංග්‍රීසීන්ට බලය ලබා දෙමින්.
මේ තමා දෙවන ඇන්ග්ලෝ ඇෆ්ඝන් ගැටුම.
නමුත් ඇෆ්ඝනිස්ථානය සම්පූර්නයෙන්ම පාලනය කරනව වෙනුවට තමන්ට පක්ශ ඇෆ්ඝන් එමීර් වරයෙක් පත් කරල වෙලඳ වාසි වගේම.. දේශපාලන වාසි ලබා ගන්න බ්‍රිතාන්‍යන් කටයුතු කරනව.
හේතුව මොකද්ද… ? කපටි හෝ උපායශීලී ඉංග්‍රීසීන් තේරුම් ගන්නව සටනේදී ඉතාම දක්ශ.. කඳු අස්සේ මුවන් වගේ දුවන.. මැරෙන්න කොයිම මොහොතකවත් බය නැති ඇෆ්ඝන් වරුන් එක්ක දිගු කාලීනව යුද්ධෙකට යෑම කොටි වලිගය අල්ලා ගැනීමක් කියල.
මෙන්න මේ උපායශීලී දැනුම තමයි සෝවියට් වරුන්ටත් ඇමරිකානුවන්ටත් නොතිබුනේ.
ඒ ඇයි කියල ලිපියේ තුන්වන කොටසෙදි අපිට තේරුම් ගන්න පුළුවන්.
මෙතන තියෙන්නෙ ආගම හෝ විශ්වාස පිලිබඳ ප්‍රශ්ණයක් නෙවේ.
මුළු ඉතිහාසය පුරාම බටහිරින්.. නැගෙනහිරින් හා උතුරෙන් එල්ලවුණු ආක්‍රමන මැද්දෙ මේ ඇෆ්ඝන් වරුන් පන්නරය ලබල තියෙන බව හැමෝටම පැහැදිලි කාරණයක්.
ඒ එක්කම මේ සමාගම් ගිවිසුම නිසා රුසියානුවන්ගෙන් ආරක්ශා වෙන්නත්… ඒ එක්කම තමංගෙ භාශාව.. ඇඳුම්.. කෑම බීම හා සංස්කෘතික ලක්ශණ ආරක්ශා කර ගන්න වගේම ආගම නිදහසේ අදහන්නත් ඇෆ්ඝන් වරුන්ට නිදහස ලැබෙනව.
ඩුරාන්ට් රේඛාව. ( Durant Line)
……………………..
1890 වෙද්දි ඉංග්‍රීසීන් පිලි ගන්නව ඇෆ්ඝනිස්තානය ස්වාධීන රාජ්‍යයක් විදිහට. නමුත් විදේශ සබඳතා හසුරුවන්නෙ තවමත් බ්‍රිතාන්‍යන් විසින්.
රුසියානුවන්ගෙන් ආරක්ශා වෙන්න මේක හොඳ උපක්‍රමයක්. නමුත් නැගෙනහිර ඉන්දියානු කලාපය ( වර්ථමාන පාකිස්ථානය) ගැන ඇෆ්ඝන් වරු ඉන්නෙ සැකයෙන්. මේ කලාපය සම්පූර්ණයෙන්ම පාලනය කරන්නෙ ඉංග්‍රීසීන්. ( මේ කලාපයේ ඉන්නෙ මුස්ලිම් ඉන්දියානුවන් හා ග්‍රාමීය මුස්ලිම් ඇෆ්ඝන් වරුන්).
ඇෆ්ඝනිස්තානය බ්‍රිතාන්‍ය ඉන්දියාවෙන් වෙන් කිරීමේ අරමුණින් දේශ සීමාවක් විදිහට තමයි ඩුරාන්ට් රේඛාව ලකුණු කරන්නෙ.
මේ වෙද්දි නැගෙනහිර ඉන්දියාවේ බහුතරය වන මුස්ලිම් ගොවියන් හා වෙළඳුන් ඉංග්‍රීසීන්ව උනන්දු කරනව ඇෆ්ඝන් වරුන්ගෙන් තමන්ව වෙන් කරන ගිවිසුමකට.
ඩුරාන්ට් රේඛාවට බටහිර ඉන්දියානුවන් කැමති උනත් ඇෆ්ඝන් වරු වැඩි දෙනෙක් අදටත් මේ සීමා පිලිගන්නෙ නෑ.
කිලෝමීටර් 2670 ක් දිවෙන මේ රේඛාව තමා වර්ථමාන පාකිස්ථානයේ බරහිර දේශ සීමාව. මේකට ඩුරාන්ට් රේඛාව කියල නම යොදන්න හේතුව තමයි මේ කාලයේ ඇෆ්ඝනිස්ථාන එමීර් වරයාගේ නම මෝටිමර් දුරාන්ඩ් ( Mortimer Durant)වීම.

Durant)තුන්වන ඇන්ග්ලෝ ඇෆ්ඝන් යුද්ධය.
………………………………………..
1919 වෙනකල් කාලය හෙමිහිට ගලාගෙන යනව. නමුත් බලාපොරොත්තු නොවුනු අවස්තාවක ඇෆ්ඝන් වරු බටහිර ඉන්දියාවට හෙවත් බ්‍රිතාන්‍ය ඉන්දියාවට පහර දෙනව. බ්‍රිතාන්‍යන් මේ යුද්ධයේදී පසුබැස්සත් මේ ඒ අයගෙ උපක්‍රමික ජයග්‍රහනයක් බව විචාරකයො පෙන්නල දෙන්නෙ ඇෆ්ඝන්වරු තව දුරටත් බ්‍රිතාන්‍ය හා යුද්ධ නොකරන බවට පොරොන්දු කර ගැනීම නිසයි.
ඇෆ්ඝන් වරු සම්පූර්ණ නිදහස ලබනව. ජර්මන් හා ප්‍රංශ නියෝජිත කාර්‍යාල කාබුල් නගරයේ ස්ථාන ගත වෙන්නෙ ඇෆ්ඝනිස්තානයේ විදේශ සබඳතා අලුත් කරමින්. මේ අතරෙ පලවෙනි ලෝක යුද්ධෙන් පසුව බිහිවෙන සෝවියට් වරු ඇෆ්ඝන් බිම් වලට ඉව අල්ලන එක තවත් වැඩි කරන්නෙ මේ කාලෙ තුලදිම තමයි.
මොහොමඩ් නදිර් ශා ( mohomad Nadeer sha) 1929 බලයට පත්වෙන්නෙ මේ විදේශ කුමන්ත්‍රන වගේම පශ්දුන් කුලයේ ඉහල නායකයන්ගේ උදව්වෙන්.
කවුද මේ පශ්තුන් කියන්නෙ. ( Pashthun) පශ්දුන් හෝ පශ්තුන් කියන්නෙ කුලයක්.. ඒ කියන්නෙ ඊසාන ඉරාන සිරිත් විරිත් සමග ඒ අයගෙන් පැවත එන ඇෆ්ඝන් ජන ඛාන්ඩය තමයි පශ්තුන් විදිහට සැලකෙන්නෙ. මේ අය සටනේ ඉතාම දක්ශයි.
ඒ වගේම මේ අය තමයි ඇෆ්ඝන් ජන ගහනයෙන් සීයට හතලිස් අටක් වූ භහුතරය. ඇෆ්ඝන් දැරිවි හෙවත් ශභාත් ගැන කතා කරද්දි අපි මේ පශ්තූන් කුලය ගැන කතා කලා මතක ඇති.
කලින් රජයේ ආරක්ශක අමති ලෙස සේවය කරපු ශා ඇෆ්ඝන් රජ පවුලට නෑ කම් කියන කෙනෙක්.
1933 දී නදීර් ශා ඝාතනය වෙන්නෙත් මේ කියන බලවේග වලම… උපක්‍රම අතුලෙම තමයි.
ඇෆ්ඝනිස්තානයේ ස්වර්ණමය යුගය.
…………………………………………..
නදීර් ශාගෙ මරණයත් එක්කම රජකම ලැබෙන්නෙ ඔහුගේ පුත්‍රයා වන මොහොමඩ් ශහීර් ශාට. ( Mohomad Shahir Sha)

මේ මහත්තයා තරුණයි වගේම බුද්ධිමත්.
අවුරුදු විස්ස වෙන්නත් කලින් රටේ නායකයා වෙන මේ මහත්තයා හරිම අපූරු විදිහට විදේශ සබඳතා ගොඩ නගා ගන්නව.
ඉස්ලාම් ආගම අදහන, විවෘත්ත මානසිකත්වයක් තියෙන මේ මනුස්සයා බටහිර හා නැගෙනහිර බලවේග මැද්දෙ ඇෆ්ඝනිස්තානය අපූරුවට මෙහෙයවනව.
එයාගෙ පාලන දක්ශතාවයට දෙන්න පුළුවන් එක උදාහරනයක් තමයි දෙවන ලෝක යුද්ධය.
එක අතකින් ජර්මනියත් අනිත් අතින් මිතුරු හමුදාත් ඇෆ්ඝනිස්තානය යුද්ධයට ඈඳ ගන්න උත්සාහ කරන්නෙ මේ අයගෙ යුධ දක්ශතා මුළු ලෝකෙම හඳුනන නිසයි. ඒත් ඇෆ්ඝනිස්තානය අපක්ශපාතී රටක් විදිහට ස්ථාවරව ඉන්නව.
මෙතනදි තමයි බටහිර ඉංදියාව පාකිස්තානය බවට පත්වෙන්නෙ.
මේ කාලයේදී පාකිස්තානුවන් ඇෆ්ඝන් වරුන්ට වඩා අරාබි නීති රීති තදින් පාවිච්චි කරන බව පේන්න තියනව.
දෙවන ලෝක යුද්ධයෙන් පස්සෙ තමයි අමාරුම කාලය උදාවෙන්න ජාත්‍යන්තර සබඳතා ඇතුලෙ.
සෝවියට් හා ඇමරිකානු බල කඳවුරු සීතල යුද්ධය හෙවත් කෝල්ඩ් වෝර් ( cold War)පටන් ගන්නව.
ඇෆ්ඝනිස්තානය විතරයි සෝවියට් දේශයට ගොදුරු නොවී සෝවියට් කටේ ඉන්නෙ.
ටජිකිස්ථානය.. ටර්ක්මෙනිස්ථානය.. කසකස්තානය.. උස්බෙකිස්තානය.. කිරිගිස්තානය වගේ වටේ තියන
ඔක්කොම රටවල් සෝවියට් පාලනයට නතු වෙද්දි ඇෆ්ඝනිස්තානය තවම ඉන්නව ඔක්කොම ගැටුම් මැද්දෙ.
ඒ ඇයි.. ඒ කොහොමද කියල අපිට දැං දැනුමක් තියනව.
ශහීර් ශා රජ්ජුරුවො සෝවියට් වරුන්ගෙන් විතරක් නෙවේ ඇමරිකානුවන්ගෙනුත් උදව් ගන්නව.
ඇමරිකාව බොහෝම ත්‍යාගශීලීව උදව් උපකාර කරන්නෙ මොන වගේ ආදරේකින්ද කියල වටහ ගන්න අපිට අමාරු නෑ.
රට පුරා පාසැල් විශ්ව විද්‍යාල ගොඩ නගනව. 1960 දශකයට එද්දි කාබුල් කියන්නෙ ඉතාම දියුණු හා විනෝදශීලී නගරයක්. ඇෆ්ඝන් ජනතාව ඉස්ලාම් ආගම ඇදහුවට විනෝද වෙන්න.. කොට ඇඳුම් අඳින්න කිසිම තහනමක් සීමාවක් නෑ.
සිනමා ශාලා.. සංදර්ශන ශාලා.. නැටුම් ගැයුම් එක්ක හැමෝම බොහොම නිදහසින් ජීවත් වෙනව. ඒ එක්කම අධ්‍යාපනය.. ආර්ථිකය ඉහලට නැංවෙන්නෙ ඇෆ්ඝනිස්තානය ආසියාවේ දියුණුම රටක් බවට පෙර නිමිති පහල කරමින්.
සෝවියට් වරුන් විශාල ආයෝජන කරනව ඇෆ්ගන් භූමියේ.
සෝවියට් නායකයන් වගේම ජෝන් එෆ් කෙනඩි වැනි ඇමරිකානු නායකයන්ද ශාහිර් ශා රජතුමාගෙ ලඟම හිතවතුන් බවට පත්වෙනව.
නමුත් මේ තත්වය රූස්සන්නෙ නැති කොටසක් මේ වෙද්දි බිහිවෙලා ඉවරයි.
රෝ සංවිධානය ස්ථාන ගත වෙනව දිග ගමනක් යන්න. සී අයි ඒ ගැන මම කියන්න දන්නෙ නෑ.
ඒ අයට කොහොමත් ඇෆ්ඝන් භාශා වගේම සිංහල භාශාවත් පුළුවන්.
පාකිස්තාන ඔත්තු සේවා ඇෆ්ඝන් රජයට විරුද්ධ මෙහෙයුම් පටන් ගන්නෙ මේ කාලෙ.
ඉරාන වගේම ඊජිප්තු රාජ්‍යයන් ඇෆ්ඝන් වරුන්ට විරුද්ධව කුමන්ත්‍රණ කරන බව පහැදිලිව පේනව.
1960 දී එක්සත් ජාතීන්ගෙ සමුළුව අමතන ඇෆ්ගන් විදේශ අමාත්‍ය වරයා කියන්නෙ ඇෆ්ගනිස්තානය ලෝකයේ තියෙන ස්වාධීනම .. කිසිම කන්ඩායමකට හෝ රටකට පක්ශ නැති පලවෙනිම රට ලෙස හැඳින්විය හැකි බවයි. ඒකට හැමෝම අත්පොලසන් දෙන්නෙ ඒ කතාව ඇත්ත හින්දයි.
1964 දි මේ අපූරු රජතුමා ඇෆ්ඝනිස්තානය ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යයක් බවට පත් කරනව.. කාන්තාවන්ට නිදහස හා අයිතිවාසිකම් ලබා දීම.. පාර්ලිමේන්තු ක්‍රමය.. ඡන්ද බලය වගේම හැමෝටම උසස් අධ්‍යාපනය ලබා දීම වගේ දේ ස්ථාපිත කරනව.


මේ අළුත් ක්‍රම මුස්ලිම් අන්තවාදී කන්ඩායම් රූස්සන්නෙ නෑ. පකිස්තානයට මේ වෙනස් කම් ඇහේ කටු අනිනව වගේ පේන්නෙ. එක්කම කොයි තරම් උදව් කලත් සෝවියට් වරුන්ගෙ ක්‍රියා කලාපය ගැන ඇෆ්ඝන් රජතුමා ඉන්නෙ හරිම විමසිල්ලෙන්.
හේතුව ධනවාදී ලේබලය නොගැහුවත් සම්පත් වලින් වගේම දැනුමෙනුත් පෝසත් වෙන ඇෆ්ඝන් වරුන් යන්නෙ ධනය හා දැනුම අතින් තවත් පෝසත් වෙන මාර්ගයේ.
අපි දැන් දන්නව කොමියුනිස්ට් හෝ සමාජවාදී කොටසයි ධනවාදී හෝ ප්‍රජාතන්ත්‍රවාදී ඛාන්ඩෙයි ඉන්නෙ සීතල යුද්ධෙක කියල.
මේ තත්වය හැත්තෑ ගණං වල ජීවත් වෙච්ච අපේ මිත්‍රයො දන්නව.
සෝවියට් දේශයත්.. වක්‍රව සමාජවාදී පාලනයත්…සෝවියට් සුන්දරත්වයත් තියන පොත් පත්.. ලියවිලි ලෝකෙ බොහෝ රටවල ඒ භාශාවලට පරිවර්තනය කෙරෙනව.
නොමිලේම මුද්‍රණය කරල ගෙනවිත් දෙන මේ පොත් පත් බෙදාහරින්න ආධාර උපකාර දෙන්නෙත් සෝවියට් දේශයමයි..
වානේ පන්නරය ලැබූ හැටි හා පෙරළු නැවුම් පස ඇෆ්ඝන් භාශාවන්ට පරිවර්තනය වෙද්දි මාස්ටර් හා මාගරීටා, ඩොක්ටර් ශිවාගෝ වගේම රොබින්සන් කෲසෝ වැනි කෘති සෝවියට් වරු තහණම් කරන්නෙ සෝවිය්ට් දේශය තුල නෙවෙයි ඇෆ්ඝනිස්තානය වැනි රටවල් තුලත්.
නොදැනීම.. ධනවාදී හෝ ප්‍රජාතන්ත්‍රවාදී විරෝධයක් ගොඩ නැගෙනව මේව කියවන මිනිස්සු තුල.
මේ ගැන කවුරුත් වාද කරාට කමක් නැහැ.. නමුත් කියවන අපි ඉන්නෙ සෝවියට් හෝ ඇමරිකානු කඳවුරු ඇතුලෙ නෙවේ… අපි ඉන්නෙ දැනුම කියන කඳවුර එලිපත්තෙ නිමක් නොපෙනෙන අහස දෙස බලමින්.
ඔය කාටවත් කඩේ යන්න අපිට වෙලාවක් නෑ.. දවල් අහසෙ වලාකුළුත් රෑ අහසෙ තරුත් හරි අපූරුයි.. අපිට ඕනෙ තරම් වෙලාවක් ඒ දිහා බලන් ඉන්න පුළුවන්.
මේ සෝවියට් වරුන්ගේ සැක සහිත හැසිරීම ගැන ශා රජතුමා අණතුරු අඟවනව තමන්ගෙ පාලන සගයන්ට.
නමුත් මේ ගැන කිසි පියවරක් ගැනෙන්නෙ නෑ.
එක අතකින් බුද්ධිමත් උනත් ශා රජතුමා හරි සුමුදු පාලකයෙක්.
එයා නිතරම සමාව දෙනව.. කිසිම දවසක කිසිම කෙනෙක්ට දැඩි දඬුවම් දෙන්නෙ නෑ.. බොහෝ දෙනෙක් මේ ක්‍රමය දුර්වල ලෙස දකිද්දි තව කෙනෙක් කියන්නෙ මේක බෞද්ධ බලපෑම කියල.
ශා රජතුමාගෙ ඥාති සහෝදරයෙක් තමයි මොහොමඩ් දවුඩ් ඛාන් කියන්නෙ. ( Mohomad Daoud Khan)
ඒ මහත්තයා තමයි ශා රජ්ජුරුවන්ගෙ ආණ්ඩුවේ අගමැති වෙන්නෙ.
මෙයා දැඩි තීරන ගන්න කෙනෙක්.. රජතුමාගෙ සෞම්‍ය බුද්ධිමත් තීරණත් අගමැතිගෙ දැඩි විනය හා තීරණත් ඇෆ්ඝන් ජනතාවට සාර්ථක ගමනක් යන්න උදව් කරනව.
තව දෙයක් වෙනව මේ අතරෙදි… ඒ තමයි ඇෆ්ඝනිස්තානය තුල මහාපරිමානයෙන් ආයෝජනය කරන සෝවියට් වරු ..මොහොමඩ් ඛාන් මහත්තයා එක්ක බොහොම ලඟ සම්භන්ධයක් පැවැත්වීම.
විචාරකයන් කියන්නෙ මේ කේජීබී චරපුරුශයො කියල. අපිට ඒක ඒ තරම් වැදගත් නෑ.
ඒ එක්කම තවත් විචාරකයො කියන්නෙ සෝවියට් වරු වගේම ඉරානයත්.. පකිස්තානයත් ඇෆ්ඝන් ආර්ථිකය කඩා කප්පල් කරන්න යටි කූට්ටු වැඩ දියත් කරනව කියල.
කරපු වැරදි වහ ගන්නදෝ බ්‍රිතාන්‍යයන් ඇෆ්ඝනිස්තානයට බොහොම ආධාර උපකාර කරනව මේ කාලෙ.
වාසනාවකට මේ කාලෙ ලංකාව පාලනය කරන්නෙ බොහොම හොඳ පෞරුශයක් තිබ්බ කාන්තාවක්.
මිනිස්සු… විචාරකයො මොන කතා කිව්වත් සිරිමාවෝ බන්ඩාරනායක නම් ගැහැනියක් ලෝක නායකයො එක්ක හරි හරියට ඉඳිමින් තීරණ ගන්නව මේ කාලෙ.
ධනවාදී හෝ සමාජවාදී කඳවුරු මැද්දෙ මේ නෝන අමාරු ගමනක් යනව. මේ වෙද්දි ඇමරිකාව පාලනය කරන්නෙ රිචඩ් නික්සන් මහත්තයා.. ( Richard Nixon)
ලෙනොයිඩ් බ්‍රෙශ්නෙව් තමයි සෝවියට් දේශෙට අණ දෙන්නෙ. ( Lenoid Breshnev)
දැං අපි ඇවිල්ල ඉන්නෙ 1973 අවුරුද්දට.
1933 පටන් ගත්ත අමාරු ගමන අන්තිමේදී ඇෆ්ඝන් මිටියාවතට ලඟා වෙනව.
මෙන්න මේ අවුරුද්දෙ ගිම්හාන නිවාඩුවකට ශා රජතුමා යනව ඉතාලියට. ඒ යද්දි ඇෆ්ඝනිස්තානය සාමකාමියි.. එයාලගෙ ගමන පැහැදිලියි.
මිනිස්සු බොහොම විනෝදෙන් හින්දු කුශ් ගිම්හානය විඳිනව.
නමුත් ශා රජතුමා ආපහු එද්දි මොනවයින් මොනව වෙලා තියෙයිද..
එහෙමත් නැත්නම් නිවාඩුව ඉවර වෙලා ආපහු එද්දි සාමකාමී හා විනෝදකාමී ඇෆ්ඝනිස්තානය පුරුදු විදිහට තියේවිද..
ලියුම දිග වෙනව වැඩියි… ඒ ගැන වෙන දවසක කතා කරමු.


Leave a comment